Saturday, May 18, 2024

මානව හිමිකම් විකුණා පාටියක් දැම්මා (පිළිතුරු)

මානව හිමිකම් විකුණා පාර්ටියක් දැම්මා යන මැයෙන් CIA ගොසිප් තීරයේ පලවූ පුවතකට දුරකතන මාර්ගයෙන් ලද පිළිතුර මෙසේ පලකිරීමට අදහස් කලෙමු. වගකීම් සහගත වෙබ් අඩවියක් ලෙස පිළිතුරු දීමේ අයිතියට  ගරු කරමින් මෙසේ එම පිළිතුර ඉදිරිපත් කරන්නෙමු.

“අදාල පුවතට පාදකවූ සිදුවීම සත්‍ය වන අතර එම සාදය පැවැත්වූයේ දුනේෂ් ප්‍රියශාන්ත වෙනුවෙන් නොවේය. දුනේෂ් වෙනුවෙන් පෙනී සිටින නීතීඥයන් දෙදෙනාගෙන් එක් අයෙක් පමණක් මෙම සාදයට සහභාගීවුණා. එසේම අදාල නීතීඥවරයාගේ ලඟම මිතුරෙකුගේ පියාණන්ගේ අවමගුලෙන් පසු තරුණ  නීතීඥවරයා සහ අනෙකුත් මිතුරන් විසිපස් දෙනා බොරැල්ල අදාල හෝටලයට පැමිණ ඇත්තේ මිතුරන් එක්වී හිතේ අමාරුවට අඩියක් ගසන්නටය. එම විසිපස් දෙනා අතර ප්‍රසිද්ධ යොවුන් පරපුරේ ගායකයන් දෙදෙනෙක් ද සිට ඇත.

ගම තුලින් ඇතිවූ විරෝධතා නිසා දුනේෂ් ප්‍රියශාන්ත මේ දිනවල රැඳී සිටින්නේ කොළඹ ආසන්න පල්ලියකයි. ඉතා හුදෙකලාව සහ මානසික පීඩනයකින් සිටින දුනේෂ්ද අදාල අවමගුලෙන් පසු මත්පැන් පානයට තරුණ නීතීඥවරයා කැඳවාගෙන ඇත්තේ ගමේ සිටියදී හොඳට කා බී පුරුදු කොල්ලෙක් නිසාවෙන්ය.

අදාල සාදයේ බිල ගෙවා ඇත්තේද තරුණ නීතීඥවරයා විසින් නොවේය. එය ගෙවා ඇත්තේද මිතුරෙක්ය. ඒ හැරෙන්නට එම අවස්ථාවට කිසිඳු රාජ්‍ය නොවන සංවිධානයක මුදල් සම්බන්ධයක් නොමැත. මේ සිද්ධියේ ඇත්ත නැත්ත තවත් දැනගන්නට අවශ්‍යනම් අදාල අවස්ථාවට සහභාගීවූ මේ මේ අය අමතා සත්‍ය සිදුවීම සහ එහි ඇතුලාන්තයද දැනගත හැකිබව බැවසීය.“

[email protected]

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles