Friday, April 26, 2024

පාකිස්ථානයේ සුළු ජාතීන් මුහුණ දෙන අභියෝග ගැන එක්සත් රාජධානියේ අවධානය

පාකිස්ථානයේ සුළුතර ප්‍රජාවන් මුහුණ දෙන අභියෝග පිළිබඳව තමා හොඳින් දන්නා බවත්, මෙම ගැටළු පාකිස්තානය සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් එක්සත් රාජධානියේ විදේශ පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරික් මහමුද් අහමඩ් පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ සාමි මන්ත්‍රී මණ්ඩලයේ පැවති විවාදයකදී මේ සම්බන්ධයෙන් නැගුණු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.

එක්සත් රාජධානිය පාකිස්තාන රජය සමඟ පවත්නා වැදගත් සහ නිර්මාණාත්මක සබඳතාව පිළිබඳවද අහමඩ් මෙහිදී සඳහන් කර තිබේ.

මේ අතර පාකිස්තානයේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පිළිබඳ නැගෙන ඕනෑම චෝදනාවක් සම්බන්ධයෙන් ගැඹුරින් සැලකිලිමත් වන බවත් එය හොඳින් විමර්ශනය කළ යුතු බවත් ඔහු පැවසීය.

ඉන්දියානු බෙදුම්වාදී නායකයෙකු වන යසින් මලික්ගේ නඩු විභාගය පිළිබඳ ප්‍රශ්නයකට එක්සත් රාජධානියේ අමාත්‍යවරයා පැවසුවේ බ්‍රිතාන්‍ය රජය එම නඩු විභාගය ඉතා සමීපව නිරීක්ෂණය කරන බවයි.

යසින් මලික්ට ඉන්දියානු නීතිය යටතේ චෝදනා එල්ල වී ඇති බවත් එක්සත් රාජධානියේ රජයට ඉන්දියාවේ ස්වාධීන අධිකරණ ක්‍රියාවලියට සෘජුව මැදිහත් විය නොහැකි බවත් ඔහු එහිදී පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles