Friday, April 26, 2024

පකිස්තාන රුපියලත් ඉතිහාසයේ දරුණුතම කඩා වැටීමට ලක්වෙයි.

පාකිස්ථාන රුපියල පසුගියදා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව විවෘත වෙළඳපොලේ තීරණාත්මක අවම අගය වන රුපියල් 200 දක්වා ළඟා වී ඇති බව වාර්තා වේ.

එරට වාර්තා සදහන් කළේ, ඩොලරයට සාපේක්ෂව රුපියල 197.25 ට නව සර්වකාලීන අවම මට්ටමක ගනුදෙනු වී ඇති බවයි.

රට තුළ ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීමට රජය කඩිනම් පියවර නොගතහොත් ඉදිරි දිනවලදී අන්තර් බැංකු වෙළෙඳපොළේ රුපියල ක්‍රමයෙන් 200 දක්වා ගමන් කරනු ඇතැයි විශ්ලේෂකයෝ විශ්වාස කරති.

2020 ජනවාරි මාසයේදී පාකිස්තානයේ උද්ධමනය සියයට 14.6 දක්වා ඉහළ ගොස් තිබූ බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තාවක් ප්‍රකාශ කල අතර 2021 ජූලි සිට 2022 ජනවාරි දක්වා කාලය තුල සාමාන්‍ය උද්ධමන අනුපාතය සියයට 10.26ක් ලෙස පැවති බව සදහන් වේ.

දේශපාලකයන්ට අමතරව, වෙළඳුන්, ගොවීන්, ව්‍යාපාරිකයන් සහ සමාජයේ සෑම තරාතිරමකම ජනතාව රට තුළ වර්ධනය වන අර්බුදය සහ මිල ඉහළ යාම පිළිබඳව බරපතල කනස්සල්ල පළ කර ඇති බව ද එරට වාර්තා පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles