Thursday, April 25, 2024

ඇෆ්ගන් ජනයා කුසගින්නේ – එ.ජා වාර්තාවක් පෙන්වාදෙයි

තලේබාන් පාලනය යටතේ ඇෆ්ගනිස්තානය දැඩි මානුෂීය අර්බුදයකට මුහුණ දෙමින් සිටින බව එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය ප්‍රකාශ කරයි.

ජනතාව කුසගින්නෙන් සහ මූලික පහසුකම් නොමැතිකමෙන් එකවර පිඩාවට පත්ව සිටින බැවින්, රාජ්‍ය පද්ධතිමය බිඳවැටීමේ හා මානුෂීය ව්‍යසනයක සැබෑ අවදානමක් පවතින බව එම කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක් දැක්වේ.

එම වාර්තාවට අනුව, 2023 වන විට මිලියන 06 ක ජනතාවක් ආහාර අනාරක්ෂිතභාවය අත්විඳිනු ඇති අතර, මිලියන 17 ක ජනතාවක් දැඩි කුසගින්නෙන් පෙළෙමින් සිටිති.

මීට අමතරව, මානුෂීය අර්බුදය කාන්තා අයිතිවාසිකම් ඇතුළුව පසුගිය වසර 20 තුළ ලබා ගත් බොහෝ ජයග්‍රහණ ආපසු හරවා ඇති බවද එම වාර්තා සඳහන් කරයි.

එපමණක් නොව, මෑත කාලවලදී, තලේබාන් පාලනය යටතේ පවතින රටේ දෛනික අත්‍යවශ්‍යතා වෙනුවෙන් සම්පත් නොමැති ඇෆ්ගනිස්ථානුවන්ගේ ජීවිතවලට දැඩි ශීත කාලගුණයද පීඩාකාරී ලෙස බලපා තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles