Tuesday, April 23, 2024

පාකිස්ථානයත් ශ්‍රී ලංකාව යන පාරේ

පාකිස්තානයේ ආර්ථික කැළඹීම ශ්‍රී ලංකාව ණය පැහැර හැරීමට පෙර මුහුණ දුන් තත්ත්වයේ ආසන්නයටම භයානක ලෙස ළඟා වී ඇති බව එරටින් ලබෙන වාර්තා සඳහන් කරයි.

පාකිස්තානයේ යම් ආකාරයක ආශ්චර්යයක් සිදු නොවන්නේ නම්, සිය විදේශ ණය පැහැරහැරීමට ඉතිරිව ඇත්තේ තවත් දින කිහිපයක් හෝ සති කිහිපයක් පමණක් බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වාදෙති.

පාකිස්ථාන මුස්ලිම් ලීගය-නවාස් (PML N) සහ පාකිස්තාන මහජන පක්ෂය (PPP) රටේ වත්මන් තත්වයට සම්පුර්ණයෙන්ම වගකිව යුතු බව විපක්ෂය චෝදනා කරයි.

කීර්තිමත් පාකිස්තාන ආර්ථික විද්‍යාඥ කුරාම් හුසේන්ගේ අදහස වන්නේ, පාකිස්තානයට ආර්ථික මඩ ගොහොරුවෙන් ගොඩ ඒමට හැක්කේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් නියම කොන්දේසි පිළිගැනීමෙන් පමණක් බවයි. ඒ වෙනුවෙන් විශාල දේශපාලන වන්දියක් ගෙවීමට සිදුවනු ඇති බවද ඔහු පෙන්වාදෙයි.

වත්මන් අගමැති ෂෙබාස් ෂරීෆ් බලයට පත්වීමට පෙර රට මුහුණ දෙන ආර්ථික අභියෝග පිළිබඳව සාකච්ඡා කළ නමුත්,
රජය අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කොන්දේසි ක්‍රියාත්මක කිරීමට පටන් ගත් විට, ආණ්ඩු පාක්ෂිකයන්ම නව ප්‍රතිසංස්කරණවලට එරෙහිව විරෝධතා දැක්වීම ආරම්භ කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles