Friday, April 26, 2024

බංග්ලාදේශය චීනය අභිබවා යෑමට සුදානම්

යුරෝපීය සංගමයේ (EU) විශාලතම ඇඟලුම් ප්‍රභවය ලෙස බංග්ලාදේශය චීනය අභිබවා යා හැකි බවට අනාවැකි පළවී ඇත.

කොවිඩ්-19 නැවත ව්‍යාප්තිය හේතුවෙන් චිංයේ ආර්ථික මන්දගාමිත්වය හේතුවෙන් එරට වෙළඳාමේ අඩුවීමක් දක්නට ලැබෙන බව වාර්තා පෙන්වාදෙයි.

චීනයේ ජනගහනය අඩුවෙමින් පවතින බැවින් එහි පුහුණු ශ්‍රම හිඟය සහ බංග්ලාදේශය ඉහළ මට්ටමේ ඇඟලුම් නිෂ්පාදනය කිරීම නිසා නුදුරු අනාගතයේ දී යුරෝපීය සංගමය වෙත සිදු කරන අපනයනන්වලදී බංග්ලාදේශය විසින් චීනය අභිබවා යනු ඇති බවට මෙලෙස අන්වකි පළවේ.

යුරෝපා සංගමයට විශාලතම ඇඟලුම් සැපයුම්කරු ලෙස චීනය සැලකිවයුතු කාලයක් පැවතුණද, අගය එකතු කළ ඇඟලුම් සඳහා ඇති ඉල්ලුම වැඩිවීමත් සමඟ බංග්ලාදේශ ඇඟලුම් අපනයනය වර්ධනය වෙමින් පවතින බවයි වාර්තා සඳහන් කරයි.

පසුගිය වසරේ ජනවාරි-ඔක්තෝබර් කාලය තුළ බංග්ලාදේශයේ සිට යුරෝපා සංගමයට ඇඟලුම් නැව්ගත කිරීම් සියයට 41.76 කින්, ඩොලර් බිලියන 19.40 දක්වා වර්ධනය වී තිබේ.

ඒ අනුව චීනයට පසු ලොව දෙවන විශාලතම ඇඟලුම් අපනයනකරු ලෙස සිය ස්ථානය රඳවා ගැනීමට බංග්ලාදේශයට හැකි වී ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles