Tuesday, April 23, 2024

ඉන්දියාවේ විදේශ සංචිතය සතියකදී ඩොලර් බිලියන 1.7කින් ඉහළට

ඉන්දියානු සංචිත බැංකුවේ හි විදේශ විනිමය සංචිත සතියක් තුළ ඩොලර් බිලියන 1.7 කින් ඉහල ගොස් ඇත. ඒ අනුව විදේශ සංචිතයේ වටිනාකම එම සතිය අවසානයේ ඩොලර් බිලියන 573 දක්වා වර්ධනය වී තිබිණි.

සංචිත බැංකුවේ විදේශ මුදල් වත්කම් මෙන්ම එහි රත්‍රන් ප්‍රමාණයද වර්ධනයවීම හේතුවෙන් මෙම ඉහල යාම සිදුවී තිබේ.

එහිදී විදේශ මුදල් වත්කම් ඩොලර් මිලියන 839 කින් වර්ධනයවී, ඩොලර් බිලියන 506.36 ක් ලෙස සටහන් වී ඇති අතර, රන් සංචිත පෙර සතියේ සිට ඩොලර් මිලියන 821කින් ඉහල ගොස් ඩොලර් බිලියන 43.71 ක් ලෙස සටහන්ව ඇත.

ගෙවී ගිය සතිය තුළ ඉන්දීය රුපියලද එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 0.3 කින් ඉහළ ගියේය.

ඩොලර් නොවන වත්කම් නැවත තක්සේරු කිරීම, හරිත බැඳුම්කර නිකුත් කිරීමට පෙර ඩොලර් මිලදී ගැනීම සහ රන් අගයන් ඉහළයෑම වැනි හේතු, ජනවාරි 20 න් අවසන් වන සතිය තුළ විදේශ විනිමය සංචිත ඉහළ යාමට බලපා තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles