කාන්තාවන් නොමැතිව ඇෆ්ගනිස්ථානය හුදකලා වෙයිද?

0
249

ඇෆ්ගනිස්ථානය සිය කාන්තාවන්ට තවදුරටත් සිමා පැනවුවහොත්, රට තවදුරටත් හුදකලා වනු ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය තලේබාන් සංවිධානයට අනතුරු අඟවා තිබේ.

එක්සත් ජාතීන්ගේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් පසුගිය සතියේ ඇෆ්ගනිස්ථානයට ගොස් තලේබාන් පාලකයන් හමුවී කාන්තාවන්ගේ සහ ගැහැණු ළමයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහතික කිරීම සඳහා සාකච්ඡා කල බව වාර්තා සඳහන් කරයි.

ඕනෑම තත්වයක් යටතේ කාන්තාවන්ගේ සහ ගැහැණු ළමයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ප්‍රමුඛත්වය දෙන ලෙස තලේබාන් සංවිධානයට එක්සත් ජාතීන්ගේ නියෝජිතන් එහි දන්වා ඇතැයි පැවසේ.

එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහලේකම් අමිනා මොහොමඩ්, එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානයේ විධායක අධ්‍යක්ෂ සීමා බාහවුස් සහ එක්සත් ජාතීන්ගේ දේශපාලන, සාමය ගොඩනැගීම සහ සාම මෙහෙයුම් පිළිබඳ සහකාර මහලේකම් කාලෙඩ් කියාරි මෙලෙස කාබුල් වෙත ගිය එක්සත් ජාතීන්ගේ නියෝජිත කණ්ඩායමට අයත් වූහ.

මෙම සිව්දින සංචාරයේ අරමුණ වී ඇත්තේ රටේ කාන්තාවන් පිලිබඳ තත්ත්වය නිරීක්ෂණය කිරීම, බලධාරීන් සමඟ සම්බන්ධ වීම සහ ඇෆ්ගන් ජනතාව සමඟ එක්සත් ජාතීන්ගේ සහයෝගීතාවය ඉස්මතු කිරීම බව නියෝජිත පිරිස නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here