චීනයට එමෙරිකාවෙන් අනතුරු ඇඟවීමක්

0
252
Newly confirmed U.S. Secretary of State Antony Blinken addresses reporters during his first press briefing at the State Department in Washington, U.S., January 27, 2021. REUTERS/Carlos Barria/Pool - RC2KGL9NHFT0

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ලබන මාසයේ බීජිං වෙත සිදු කිරීමට නියමිත සංචාරයට සති දෙකකට පෙර, යුක්‍රේන ගැටුමේදී රුසියාවට ද්‍රව්‍යමය සහ ආරක්ෂක ආධාර ලබාදීමට එරෙහිව එක්සත් ජනපදය චීනයට රතු එලියක් නිකුත් කර තිබේ.

චීනය රුසියාවට ආරක්ෂක සහාය ලබා නොදෙන බව තවමත් වොෂින්ටනයේ තක්සේරුවදැයි විමසූ විට, රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක නෙඩ් ප්‍රයිස් පසුගිය සතියේ වොයිස් ඔෆ් ඇමෙරිකා (VOA) වෙත පවසා ඇත්තේ තමාට එවැනි නව තක්සේරුවක් නොමැති බවයි.

රුසියාවට සම්බාධක මග හැරීමට ක්‍රමානුකූලව සහාය වීමට චීනය පියවර ගන්නා බව ඇමෙරිකාව දුටුවහොත්, චීනයට එවිට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවද ප්‍රයිස් පවසා ඇත.

යුක්රේනයේ පවතින යුද්ධය මධ්‍යයේ ආරක්ෂක සහාය සඳහා රුසියානු ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන් මහජන චීන සමූහාණ්ඩුව විසින් ගනු ලබන ඕනෑම තීරණයක් එක්සත් ජනපදය සමීපව නිරීක්ෂණය කරමින් සිටී.

රුසියානු ප්‍රවාහන ගුවන් යානා චීනයට වරින් වර සිදු කල සංචාර පිළිබඳ වාර්තා පිළිබඳව වොෂින්ටනය දැඩි සැලකිල්ලක් දක්වා ඇති බව පැවැසේ.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ලබන පෙබරවාරි 5-6 දිනවල චීනයට පැමිනීමට නියමිත බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here