Friday, April 26, 2024

ඉන්දියාව පුරා එතනෝල් පොම්ප සවිකෙරේ

ඉන්දියාව සිය බලශක්ති සංරක්ෂණය සහ විකල්ප බලශක්ති වෙත සංක්‍රමණයවීම සඳහාවන සැලසුම් වේගවත් කර තිබේ.

ඉන්දීය ඛනිජ තෙල් හා ස්වභාවික වායු පිළිබඳ මධ්‍යම රජයේ අමාත්‍ය හර්දීප් එස්.පූරි පෙන්වාදෙන ආකාරයට, බලශක්තිය නිපදවීම සඳහා එතනෝල් මිශ්‍රණ භාවිත කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව ලබා ඇති ප්‍රගතිය ඉතා ඉහල අගයක් ගන්න අතර, ඉන්දියාව 2013-14 දී පෙට්‍රල් සමග එතනෝල් මිශ්‍ර කිරීම සියයට 1.53 සිට 2022 දී සියයට 10.17 දක්වා ඉහළ නංවා ඇත.

2025-2026 වන විට රට පුරා වාහන ඉන්ධන සඳහා එතනෝල් මිශ්‍ර කිරීම 20% ක් දක්වා ඉහල නැංවීම රජයේ සැලසුම බවද ඇමතිවරයා පෙන්වාදී තිබේ.

මෙමගින් රටේ බලශක්ති සුරක්ෂිතතාව ඉහළ නැංවීමට පමණක් නොව, රුපියල් කෝටි 41,500කට අධික විදේශ විනිමය ඉතිරියක් ලබාදෙන බවත්, හරිතාගාර වායු විමෝචනය මෙට්‍රික් ටොන් ලක්ෂ 27ක් අඩු කර ඇති බවත් ඇමතිවරයා පෙන්වාදෙයි.

2025 වන විට ඉන්ධන පහසුවෙන් ලබා ගත හැකි බව සහතික කිරීම සඳහා එතනෝල් මිශ්‍ර ඉන්ධන පොම්ප රට පුරා ස්ථාපිත කිරීමේ යෝජනාවක් ද ඉන්දීය රජය අධ්‍යයනය කරමින් සිටින බව වාර්තා වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles