Wednesday, May 31, 2023

වසර 04කදී පාකිස්ථානයේ මාධ්‍යවේදීන් 42ක් ඝාතනය කරලා

අවම තරමින් මාධ්‍යවේදීන් හතලිස් දෙදෙනකු පසුගිය වසර හතර තුළ පාකිස්ථානයේදී ඝාතනය කර ඇති බව එරට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය මුර්තාසා ජාවෙඩ් අබ්බාසි පසුගියදා සෙනෙට් සභාවට දන්වා ඇත.

පාකිස්ථාන ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ දත්ත වලට අනුව, පන්ජාබ් හි මාධ්‍යවේදීන් 15 ක්, සින්ද් හි 11 ක්, කයිබර් පක්ටුන්කාවා හි 13 ක් සහ බලුකිස්තානයේ 3 ක් ඒ අතරට අයත් වේ.

මෙම මාධ්‍යවේදීන් ත්‍රස්තවාදීන් විසින් වෙඩි තබා හෝ වෙනත් ප්‍රහාර මගින් මරා දමා ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් පන්ජාබ් ප්‍රාන්තයේදී සැකකරුවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් දෙදෙනෙකු දැනට ඇප මත සිටින බවයි එම දත්ත පෙන්වා දෙයි.

ඊට අමතරව සැකකරුවන් 04 දෙනකු සින්ද් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. කයිබර් පක්ටුන්කාවා හි සැකකරුවන් දෙදෙනෙකු නිදොස් කොට නිදහස් කර ඇත. හතර දෙනෙකු නඩු විභාගයට මුහුණ දී සිටින අතර එක් සැකකරුවෙකු පලා ගොස් තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles