Thursday, April 18, 2024

‘රෙද්ද’ නිසා මිලියන 04ක රැකියා අනතුරේ

කපු බහාලුම් නිෂ්කාශනය කිරීම පාකිස්තාන බලධාරීන් විසින් ප්‍රමාද කිරීමට එරෙහි විරෝධතාවයක නිරත වන බවට කරච්චියේ රෙදිපිළි සමාගම් හිමියන් තර්ජනය කර ඇති බව වාර්තාවේ.

පාකිස්තානය දැනටමත් ක්ෂය වෙමින් පවතින විදේශ විනිමය සංචිත ඉහළ නැංවීමට අරගල කරමින් සිටින අතර, ඒ නිසාම ඇඟලුම් ක්ෂේත්‍රයේ විශාල පිරිසකට රැකියා අහිමි වී තිබේ.

ආනයනය කරන ලද කපු රජය විසින් නිෂ්කාශනය නොකළහොත් රෙදිපිළි කර්මාන්තකරුවන්ට විරෝධතා දැක්වීමට සිදුවනු ඇති බව සමස්ත පාකිස්ථාන රෙදි මෝල් සංගමයේ (APTMA) සභාපති හමීඩ් සමාන් උපුටා දක්වමින් ජනමාධ්‍ය වාර්තා සඳහන් කරයි.

එම තත්වය අර්බුදයක් කර ගමන් කරමින් තිබෙන අතර,මේ වසරේ රෙදිපිළි අපනයනය ඩොලර් බිලියන 16-17 කට සීමා වනු ඇති බවටද ඔහු අනාවැකි පළ කර ඇත.

APTMA ප්‍රධානියා අනතුරු ඇඟවන්නේ, කර්මාන්ත පවත්වා ගෙනයාමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් නොගතහොත්, ක්ෂේත්‍රයට සම්බන්ධ තවත් මිලියන හතක ජනතාවකට ජනවාරි මාසයේදී රැකියා අහිමි වනු ඇති බවටයි.

පන්ජාබ්, කයිබර් පක්තුන්ක්වා සහ සින්ද්හි රෙදිපිළි කර්මාන්තශාලාවලින් සියයට 30-50ක් පමණ දැනටමත් සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් වසා දමා ඇති බවද ඔහු පෙන්වාදී තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles