Saturday, April 27, 2024

ඉන්දීය විද්‍යාඥවරියකට පාකිස්ථානයෙන් ලිංගික හිංසන

පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ දී ඉන්දීය කාන්තාවක් ලිංගික හිංසනයට ලක් වූ බවට එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි විරෝධතා දක්වා තිබේ.

ඒ පිළිබඳව විමර්ශනය කරන ලෙස පාකිස්තානයෙන් ඉල්ලා සිටි බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අරින්දම් බග්චි පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

මෙම පැමිණිල්ල පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශය දැඩි අවධානයක් යොමු කර ඇති බවද ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේය.

පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් විසින්  අශෝභන හැසිරීම් සහ ලිංගික හිරිහැර සිදුකළ බවට පන්ජාබ්හි විද්‍යාඥවරියක් මෙලස චෝදනා කර තිබේ.

ඇය පකිස්තානයට පැමිණීමට වීසා බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කිරීම සඳහා පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයට පැමිණි අවස්ථාවේදී, එහි සිටි නිලධාරින් සේවකයා තමාගෙන් “ඇයි මම විවාහ නොවන්නේ? මම විවාහ නොවී ජීවත් වන්නේ කෙසේද? මගේ ලිංගික ආශාව සඳහා මා කරන්නේ කුමක්ද? ” යනුවෙන් විමසා අපහසුතාවට පත් කළ බව විද්‍යාඥවරිය අනාවරණය කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles