Thursday, April 18, 2024

චීන ඔටුවා කෙන්යා කූඩාරමටත් ඔලුව දාලා

කෙන්යාව සිය යටිතල පහසුකම් සහ පොදු සේවාවන් නංවාලීම සඳහා චීනයෙන් විශාල වශයෙන් ණය ලබාගැනීම හේතුවෙන්, රට ණය අර්බුදයකට ගමන් කරමින් තිබෙන බව වාර්තා වේ.

හොංකොං පෝස්ට් වාර්තා කරන ආකාරයට චීනයෙන් කෙන්යාව සිදුකරන ආනයනවල වර්ධනයට, තීරය සහ මාර්ග මුලපිරීම වැඩසටහන(BRI) හේතුවෙන් රට තුළ පුළුල් වන යටිතල පහසුකම්  බලපෑ තිබේ.

කෙසේ වෙතත්, කෙන්යාවේ වෙළඳ ශේෂය චීනයට වාසිදායකවී ඇති අතර, චීනයෙන් කෙන්යාව සිදුකරන ආනයනය සියයට 97 ක් දක්වා ඉහලගොස් ඇති බව පැවසේ.

චීනය කෙන්යාවේ ප්‍රමුඛ ද්විපාර්ශ්වික ණය දෙන්නා බවට පත්ව ඇත. එය එහි විදේශ ණයවලින් සියයට 67 ක් පමණ නියෝජනය කරනු ලබන්නේ චීනය විසිනි.

මේ අතර,කෙන්යාවේ ක්‍රියාත්මක චීන රජය සතු ‘චීන මාර්ග සහ පාලම් සංස්ථාව’ ප්‍රධාන සමගම් කිහිපයකටම මහා පරිමාණ දුෂණ සහ වංචා පිලිබඳ චෝදනා එල්ලවී ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles