Saturday, April 20, 2024

ටිබෙට් දරුවන් මිලියනයකට චීනයෙන් බලහත්කාරකමක්

ටිබෙටයේ චීන රජයේ යටත් විජිත පන්නයේ නේවාසික පාසල් සහ එමගින් ටිබෙට්  සංස්කෘතික හා ජාතික අනන්‍යතාවන් සඳහා වන බලපෑම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන් මෑතකදී නිකුත් කර ඇති ප්‍රකාශයන් මධ්‍යම ටිබෙට් පරිපාලනය සහ පිටුවහල්ව සිටින ටිබෙට් ජාතිකයන්  සාදරයෙන් පිළිගෙන තිබේ.

එක්සත් ජාතීන්ගේ විශේෂඥයන් ටිබෙටයේ චීන යටත් විජිත නේවාසික පාසල් ජාලය සම්බන්ධයෙන් බරපතල කනස්සල්ලක් මතු කර ඇත.

මානව හිමිකම් කන්ඩායම ඇස්තමේන්තු කර ඇත්තේ, වයස අවුරුදු 04 සිට 18 දක්වා වූ ටිබෙට් දරුවන් මිලියනයකට ආසන්න පිරිසක් දැනට බලහත්කාරයෙන් ටිබෙටයේ චීන නේවාසික පාසල්වලට ඇතුළත් කර ඇති බවයි.

එම දරුවන් ඔවුන්ගේ පවුල්වලින් බැහැර කර, ඔවුන්ගේ ඉගෙනීමට හා තමන්ගේම ආගම, සංස්කෘතිය සහ භාෂාව දැන හඳුනා ගැනීමට ඇති අවස්ථාව සහ අවකාශය අහිමි කර ඇති බවද ඔවුහු පෙන්වාදෙති.

ටිබෙට් භාෂාව සහ ටිබෙට් සංස්කෘතිය කොන් කිරීමට අදහස් කරන ප්‍රතිපත්ති රාමුවක් යටතේ, ටිබෙට් ජනතාව සහ ටිබෙට් සංස්කෘතිය විනාශ කිරීම සඳහා චීනය ඉතා ක්‍රමානුකූල භාවිතයක් ක්‍රියාත්මක කරන බව ටිබෙට් පිටුවහල් රජයේ ප්‍රකාශක ටෙන්සින් ලෙක්ෂේ සඳහන් කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles