Wednesday, April 24, 2024

පාකිස්ථානයට නේටෝ මිතුරුකම නැතිවෙයිද?

පාකිස්ථානය ප්‍රධාන නේටෝ නොවන මිත්‍ර රාජ්‍යයක් (MNNA) ලෙස නම් කිරීම අවලංගු කිරීමට යෝජනා කරන පනතක් එක්සත් ජනපද කොන්ග්‍රසයට ඉදිරිපත් කර තිබේ.

මෙම පනත “පාකිස්ථානයේ ඉස්ලාමීය ජනරජය ප්‍රධාන නේටෝ නොවන මිත්‍රයෙකු ලෙස නම් කිරීම අවසන් කිරීම සඳහා සහ වෙනත් අරමුණු සඳහා” යන මාතෘකාව යටතේ ඉදිරිපත් කර ඇත.

එක්සත් ජනපද කොන්ග්‍රස් සභික ඇන්ඩි බිග්ස් විසින් පසුගිය ජනවාරි 09 දා මෙම පනත් කෙටුම්පත සභාගත කරන ලද බව වාර්තා සඳහන් කරයි.

එක්සත් ජනපද ජනාධිපතිවරයා විසින් අදාළ නීතියට අත්සන් කිරීමට පෙර එය සභාව සහ සෙනෙට් සභාව විසින් සම්මත කළ යුතු අතර, ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග සඳහා කෙටුම්පත විදේශ කටයුතු කමිටුව වෙත යවා ඇත.

ඇෆ්ගනිස්ථාන-පාකිස්තාන දේශසීමාවේ හකානි ජාලය වැනි සටන්කාමීන්ගේ ක්‍රියාකාරකම් සීමා කිරීම සඳහා පාකිස්තානය ඇෆ්ගනිස්ථානය සමඟ සක්‍රීයව සම්බන්ධීකරණය කරන බවට සහතිකයක් ද මෙම පනතට අවශ්‍ය බව ටද මේ වන විට යෝජනා ඉදිරිපත්ව ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles