Wednesday, April 17, 2024

ත්‍රස්තයන් ගැන පාකිස්ථාන තක්සේරුව වැරදියිලු

තහනම් කරන ලද පාකිස්තාන් ටෙහිරික්-ඊ-තලිබාන් (TTP ) ත්‍රස්තවාදීන් පුනරුත්ථාපනය කිරීම සඳහා රජය විසින් මීට පෙර අනුගමනය කළ ප්‍රතිපත්තිය අකාර්යක්ෂම බව ඔප්පු වී ඇතැයි පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය රනා සනාවුල්ලා පවසයි.

සනාවුල්ලා මෙම ප්‍රකාශය සිදුකරන ලද්දේ පසුගිය සතියේ සඳුදා පෙෂාවර්හි මුස්ලිම් පල්ලියකට එල්ල කෙරුණු මරාගෙන මැරෙන ප්‍රහාරයේ වගකීම, තහනම් කරන ලද TTP සංවිධානය විසින් භාර ගැනීමෙන් පසුවය.

ජනමාධ්‍ය වාර්තා කරන ආකාරයට TTP සංවිධානය අවි බිම තබා නීතියට යටත් වනු ඇතැයි යන අදහස වැරදි බව පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පිළිගෙන තිබේ.

එසේම TTP සංවිධානය ඇෆ්ගන් තලේබාන් සංවිධානයෙන් වෙන්ව ඇතැයි සිතීම වැරදි බවද සනාඋල්ලා අවධාරණය කර තිබේ.

පෙෂාවර් ප්‍රාන්තයේ පොලිස් සීමාවේ මුස්ලිම් පල්ලියක් තුළ එල්ල කෙරුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 93 දක්වා ඉහළ ගොස් ඇති අතර පුද්ගලයන් 221 දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය උපුටා දක්වමින් ජනමාධ්‍ය වාර්තා කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles