Tuesday, April 23, 2024

තෙල් ගෑස් නැතුව බෑ – මෝදි කියයි

ඉන්දියාව පුනර්ජනනීය බලශක්ති භාවිතය වෙනුවෙන් සඳහා කැපවී සිටියද, සාම්ප්‍රදායික තෙල් හා ගෑස් ක්ෂේත්‍රයේ විශාල ආයෝජන අවශ්‍ය බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසයි.

2023 ඉන්දීය බලශක්ති සතියේ පළමු වැඩසටහන අමතමින් බෙංගාලෝර් හි දී අදහස් දක්වමින් අගමැති මෝදි, දේශීය ඉන්ධන නිෂ්පාදනය සහ පිරිපහදු කිරීම වේගවත් කිරීමට රජය කටයුතු කරන බවට ආයෝජකයන්ට සහතික වී තිබේ.

රටේ සමස්ත බොරතෙල් පිරිපහදු ධාරිතාව දැනට පවතින මෙට්‍රික් ටොන් මිලියන 250 සිට, වසරකට මෙට්‍රික් ටොන් මිලියන 450 දක්වා ඉහළ නැංවීමට රජය කටයුතු කරමින් සිටින බවද ඔහු එහිදී පෙන්වාදී තිබේ.

දැනටමත් ලෝකයේ සිව්වන විශාලතම බොරතෙල් පිරිපහදු කිරීමේ ධාරිතාව ඉන්දියාව සතුව ඇති අතර, පසුගිය වසර කිහිපය තුළ ඉල්ලුම, සැපයුම ඉක්මවා ගොස් ඇත.

ගෝලීය ඉන්ධන ඉල්ලුමේ ඉන්දියාවේ කොටස දැනට සියයට 05 ක් වන අතර එය සියයට 11 දක්වා ඉහළ යනු ඇතැයිද, ඉන්දියාවේ ගෑස් ඉල්ලුම සියයට 500 දක්වා ඉහළ යනු ඇතැයිද අපේක්ෂා කෙරේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles