Saturday, January 11, 2025

B කාණ්ඩයේ තරග අවසන්! සුපිරි 12 වටයට තවත් කණ්ඩායමක් තේරෙයි!

මෙවර ලෝක කුසලාන පන්දුවාර 20 තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ වටයෙහි B කාණ්ඩයෙහි අවසන් තරගය ඊයේ (21) රාත්‍රියේ නිමාවට පත් වුණා.

ස්කොට්ලන්තය සහ ඕමානය අතර පැවැති තරගයෙන් කඩුලු 08 ක විශිෂ්ඨ ජයක් ලැබීමට ස්කොට්ලන්තය සමත් වුණේ ඉතිහාසයේ පළමු වරට සුපිරි 12 දෙනාගේ වටයට තේරී පත් වෙමින්.

ඒ අනුව B කාණ්ඩයෙන් තරග වැදුණු ස්කොට්ලන්තය සහ බංග්ලාදේශය සුපිරි 12 වටයේ සිය ස්ථානය මේවන විට වෙන් කොටගෙන අවසන්.

අනෙක් පසින් ගත් කල පැපුවා නිව් ගිනි කණ්ඩායමට සහ ඕමාන කණ්ඩායමට මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ ගමනට තිත තැබීමට සිදු වුණා.

B කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ස්කොට්ලන්තය සමත් වූයේ එක් තරගයක් හෝ පරාජයට පත් නොවෙමින්.

වෙනත් ආකාරයකින් කිවහොත් තරග වැදුණු තරග 03න්ම ජය වාර්තා කිරීමට ඔවුන් සමත් වූවා.

විශේෂයෙන් කැපී පෙණුනේ මෙවර තරගාවලියේ තමන් සහභාගී වූ පළමු තරගයෙන්ම ප්‍රබල බංග්ලාදේශ කණ්ඩායම පරාජයට පත් කිරීමට ස්කොට්ලන්තයට හැකි වීම යි.

මේවන විට B කාණ්ඩයේ ඉහළින්ම වැජඹෙන ස්කොට්ලන්තය ප්‍රසාද ලකුණු 06ක් ලබා සිටිනවා.

ඔවුන්ගේ දල ලකුණු ලබා ගැනීමේ වේගය +0.775ක්.

දෙවැනි ස්ථානයේ පසුවන බංග්ලාදේශය ප්‍රසාද ලකුණු 04ක් ලබා සිටින්නේ දල ලකුණු ලබාගැනීමේ වේගය +1.733ක් බවට පත් කරගනිමින්.

ඕමාන කණ්ඩායම එක් තරගයක් ජය ගෙන ප්‍රසාද ලකුණු 02ක් ලබාගත් නමුත් තරග සියල්ල පරාජයට පත් වූ පැපුවා නිව් ගිනියාව හට එක් ප්‍රසාද ලකුණකට හෝ හිමි කම් කීමට හැකි වූයේ නැහැ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles