බලුකිස්තාන නිදහස් දිනයේදී පාකිස්තාන හමුදාවට ප්‍රහාර

0
333

පකිස්තානයේ, බලුකිස්තානයේ විවිධ ප්‍රදේශවල පොලිස් නිලධාරීන් සහ පොලිස් ස්ථානයක් හා පාකිස්තාන හමුදා මුරපොල වෙත එල්ල වූ ප්‍රහාර කිහිපයක වගකීම බලුච් විමුක්ති හමුදාව විසින් භාරගෙන තිබේ.

සන්නද්ධ කණ්ඩායමේ ප්‍රකාශක ජෙයාන්ඩ් බලුච් පැවසුවේ, ඔවුන්ගේ සටන්කාමීන් කලට්, බල්ගටර් සහ මච් යන ස්ථාන තුනකදී පාකිස්තාන හමුදාව සහ පොලිසිය ඉලක්ක කර ප්‍රහාර එල්ල කල බවත්, ඉන් අවම වශයෙන් එක් නිලධාරියෙකු මියගොස් තවත් හතර දෙනෙකුට තුවාල සිදු කර ඇති බවත්ය.

අගෝස්තු 11 වන දින බලුකිස්තානය සිය නිදහස් දිනය සමරා ඇති අතර මෙම ප්‍රහාර ඊට සමගාමීව සිදු කර ඇති බව පැවසේ.

බලුච් සටන්කාමීන් පාකිස්තාන හමුදාවේ මුරපොළ වෙත රොකට් සහ අනෙකුත් බර අවි ප්‍රහාර එල්ල කළ බව පවසමින් බලුච් විමුක්ති හමුදාව තවත් ප්‍රහාර දෙකක වගකීම භාර ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here