Saturday, May 4, 2024

තලේබාන්ලාට එරෙහිව ඔස්ට්‍රියාවේ විරෝධතා

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානය අත්පත් කර ගෙන වසරක් පිරීම නිමිත්තෙන් ඔස්ට්‍රියාවේ වියානා නුවරදී ඇෆ්ගන් ඩයස්පෝරා කණ්ඩායමක් උද්ඝෝෂණයක් පැවැත්වූ බවත් ඔවුන් එහිදී ඇෆ්ගනිස්ථාන කටයුතුවලට පාකිස්තානයේ මැදිහත්වීම හෙළා දුටු බවත් වාර්තා වේ.

ඇෆ්ගන් ඩයස්පෝරා සංවිධානයක් විසින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සංවිධානය කරන ලද උද්ඝෝෂණය ඔස්ට්‍රියාවේ පාකිස්තාන තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත්විණි.

විරෝධතාවට සහභාගි වූවන් ජාත්‍යන්තර ප්‍රජාවෙන් දැඩි ලෙස ඉල්ලා සිටියේ ඇෆ්ගනිස්ථානයේ අභ්‍යන්තර කටයුතු සඳහා පාකිස්තානයේ මැදිහත්වීම් සහ ඇෆ්ගනිස්ථානයේ ක්‍රියාත්මක වන ත්‍රස්තවාදී සංවිධානවලට අඛණ්ඩව සහයෝගය දැක්වීම හෙළා දකින ලෙසයි.

“පාකිස්තානය – ත්‍රස්තවාදයට අරමුදල් සපයන රාජ්‍යය”, “පාකිස්තාන මත්ද්‍රව්‍ය ජාවාරමට ඇෆ්ගනිස්තානය භාවිතා කිරීම නවත්වන්න”, “පාකිස්තානය – අහිංසක ඇෆ්ගනිස්ථානුවන් ඝාතනය කිරීම නවත්වන්න” යනුවෙන් ලියැවුණු පුවරු ඔවුන් විරෝධතාව අතරතුර අතැතිව සිටි බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානය සඳහා නව උපාය මාර්ගයක් අනුගමනය කරන ලෙස යුරෝපා සංගමය, නේටෝ සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් ඇෆ්ගන් ඩයස්පෝරා සංවිධාන වැඩිදුරටත් ඉල්ලා තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles