තායිවානය ගත් තීරණයත් සමග චීන ආහාරවල අහිතකර බලපෑම් ගැන කනස්සල්ල යලි මතුවේ

0
321

ඩයොක්සින් නම් අන්තරායකර රසායනික ද්‍රව්‍ය අඩංගු වීම හේතුවෙන් චීනයෙන් කකුළුවන් ආනයනය කිරීම තහනම් කිරීමට තායිවානය තීරණය කර තිබේ.

චීනයෙන් ආනයනය කරන ලද කකුළුවන් තුළ ඇති ඩයොක්සින්, පිළිකා ඇති කරන රසායනයක් බව අනාවරණය වී ඇත.

චීනයේ නිෂ්පාදිත හෝ නිෂ්පාදනය කරන ලද ආහාර භාවිතයේ අවදානම ගැන රටවල් කිහිපයක්ම මීට පෙරද අවධානය යොමු කර තිබේ.

චීනයේ නිෂ්පාදනය කරන ප්ලාස්ටික් සහල් පිළිබඳ වාර්තා මීට වසර කිහිපයකට පෙර ලොව පුරා ජනතාව කනස්සල්ලට පත් කළේය. හොංකොං පෝස්ට් පුවත්පතට අනුව, කෘත්‍රිම සහල් නිෂ්පාදනය කරන වීඩියෝ කිහිපයක් ද චීනයෙන් වාර්තාවී ඇත.

චීන ගෘහාශ්‍රිත සහ පාරිභෝගික භාණ්ඩ, පරිවාරක ද්‍රව්‍ය සහ ඇසුරුම් ද්‍රව්‍ය වෙනුවෙන් ස්ටයිරීන් ඇක්‍රිලෝනිට්‍රයිල් නම් රසායනිකය භාවිත කරන අතර එමඟින් ඇස් පෙනීම දුර්වල කිරීම සහ හුස්ම ගැනීමේ අපහසුතා ඇති කරවයි. 

යුරෝපා සංගමය මේ සම්බන්ධයෙන් බැරෑරුම් ලෙස සොයා බලා ඇති අතර, චීනයෙන් සියලුම ආකාරයේ සහල් ආනයනය කිරීම් තහනම් කිරීමට පියවර ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here