ඉන්දියානු රුපියල් ගනුදෙනු සඳහා රටවල් 18ක බැංකුවලට අවසර

0
303

ඉන්දියානු සංචිත බැංකුව (RBI) රටවල් 18 ක බැංකුවලට රුපියල් වලින් ගෙවීම් පියවීම සඳහා විශේෂ Vostro රුපියල් ගිණුම් (SVRAs) විවෘත කිරීමට අවසර දී ඇති බව රජය පවසයි.

රාජ්‍ය සභාවේදී අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය භගවත් කිෂන්රාඕ කරඩ් පැවසුවේ එවැනි අනුමැතියන් 60 ක් සංචිත බැංකුව විසින් ලබා දී ඇති බවයි.

මෙම රටවලට බොට්ස්වානා, ෆීජි, ජර්මනිය, ගයානා, ඊශ්‍රායලය, කෙන්යාව, මැලේසියාව, මොරිෂස්, මියන්මාරය, නවසීලන්තය, ඕමානය, රුසියාව, සීෂෙල්ස්, සිංගප්පූරුව, ශ්‍රී ලංකාව, ටැන්සානියාව, උගන්ඩාව සහ එක්සත් රාජධානිය ඇතුළත් වේ.
SVA ක්‍රියාවලිය ආරම්භ වූයේ 2022 දීය.

වෙළඳාම සඳහා ඉන්දියානු රුපියල භාවිත කිරීමට සහ “ඩොලර් ඉවත් කිරීම” සඳහා රුසියාව ප්‍රමුඛතාව ලබාදුන් බව ද මුදල් රාජ්‍ය අමාත්‍වරයා පවසයි.

ඉන්දියාව සහ රුසියාව අතර මේ වන විට බලශක්තිය ඇතුළු සියලු ප්‍රධාන ගනුදෙනු සිදුකරනු ලබන්නේ ඉන්දීය රුපියල භාවිත කරමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here