කොමියුනිස්ට් පක්ෂය චීනයේ සෞඛ්‍ය පද්ධතිය විනාශකර දමයි

0
241
BEIJING, Aug. 7 (Xinhua) -- Beijing reported one new COVID-19 case Thursday, the municipal health commission said on Friday, August 07, 2020. (Xinhua/IANS)

ෂී ජින්පිං ප්‍රමුඛ චීන කොමියුනිස්ට් පක්ෂයේ අසමත් කොවිඩ් ප්‍රතිපත්ති හේතුවෙන් චීනයේ සෞඛ්‍ය සේවා පද්ධතිය දුෂ්කරතා රැසකට මුහුණ දෙමින් සිටින බව වාර්තාවේ.

චීනය හදිසියේ සිය කොවිඩ් මාර්ගෝපදේශයන් මුළුමනින්ම වෙනස් කිරීම හේතුවෙන් මේ වන විට මිනිසුන් දහස් ගණනක් මිය යමින් සිටින අතර රෝහල් පද්ධතිය රෝගීන්ගෙන් පිරීගොස් ඇත.

චීනයේ වර්තමානයේ මුඛ ආවරණ පැළදීමවත්  අනිවාර්ය කර නොමැත. පාසල් තවමත් විවෘතව පවතින නමුත්, චීනයේ කොවිඩ් ව්‍යාප්තිය ඉහළයාම හේතුවෙන් සිසුන් බොහෝ පිරිසක් වෛරසය ආසාදනය වේ යැයි බියෙන් පාසල් වෙත යන්නේ නැත. 

මාධ්‍ය වාර්තාවලට අනුව, චීනයේ නිෂ්පාදන සහ සේවා අංශ කෙරෙහි විශ්වාසය 2022 වසර අවසානයේ එහි පහළම ස්ථානයේ පැවතිණි. චීනයේ යුරෝපීය සංගමයේ වාණිජ මණ්ඩලයට අනුව, චීනයේ ක්‍රියාත්මක වන යුරෝපීය සමාගම්වලින් සියයට 80 ක් පමණ ඔවුන්ගේ ආදායම් අඩු වනු ඇතැයි අනුමාන කර තිබේ. ඇස්තමේන්තුවලට අනුව, තරුණයින්ගෙන් සියයට 20 ක් රැකියා විරහිතභාවයෙන් පසුවන බව පැවැසේ.

චීනයේ කොවිඩ් තත්ත්වය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ තක්සේරුවකට අනුව, 2020 ජනවාරි 03 සිට 2022 දෙසැම්බර් 23 දක්වා කාලය තුළ මරණ 31,585 ක් සහ තහවුරු කළ රෝගීන් මිලියන 10 කට වඩා වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇත. විශේෂඥයින්ට අනුව 2023 දී චීනයේ මරණ මිලියනය සහ මිලියන දෙක අතර වනු ඇතැයි පුරෝකථනය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here