Sunday, May 19, 2024

චීනය ආයොජකයන්ට තවදුරටත් ආකර්ශණීය නැති හැඩ

චීනයේ ආර්ථික අර්බුදය දැන් බීජිනයේ අපේක්ෂාවන් ඉක්මවා යන බව පෙනේ.

මේ වසරේ ජනවාරි මාසයේ සිට පහළ යෑම ආරම්භ වූ සෘජු විදේශ ආයෝජන තවදුරටත් පහත වැටීම නතර වී නැත.

ජනවාරි සිට ජූනි දක්වා චීනයේ සෘජු විදේශ ආයෝජන යුවාන් බිලියන 703.65 (ඩොලර් බිලියන 98) දක්වා 2.7% කින් පහත වැටී ඇති බව රටේ වාණිජ අමාත්‍යාංශය පවසයි.

චීනයේ ආර්ථික තත්ත්වය පිළිබඳ අහිතකර දර්ශකයක් වන විදේශ ආයෝජනයන්හි සීග්‍ර පහත වැටීම පෙන්නුම් කරන්නේ, එක්සත් ජනපදයේ සහ යුරෝපීය රටවල බලපෑම් නොතකා ගෝලීය සැපයුම් දාමයේ ප්‍රමුඛ බලවේගයක් ලෙස නැවත ස්ථානගත වීමට රට සියලු උත්සාහයන් දරමින් සිටින අවස්ථාකය.

ඉතා දරුණු ශුන්‍ය-කොවිඩ් ප්‍රතිපත්තියක් අනුගමනය කළ, චීනයේ වසර තුනකට ආසන්න කාලයක් සියලු ක්‍රියාකාරකම් ඇණහිට තිබූ අතර අපනයන සහ නිෂ්පාදන ක්ෂේත්‍ර කෙරෙහි ඒවායේ බලපෑම අදටත් අඛන්ඩව පවතී.

බටහිර සමාගම් චීනයේ ආයෝජන සම්බන්ධයෙන් ප්‍රවේශම් සහගත ස්ථාවරයක් ගෙන ඇතත්, සිචුවාන් සිට චාඕෂෝ දක්වා පළාත් පාලන ආයතන, නැගෙනහිර ආසියානු රට තුළ ව්‍යාපාර පිහිටුවීම සඳහා ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා ලොව පුරා නියෝජිත කණ්ඩායම් යවා ඇත.

මේ අතර, පසුගිය මාසයේ චීනයේ යුරෝපීය වාණිජ මණ්ඩලය විසින් කරන ලද සමීක්ෂණයකින් හෙළි වූයේ සමාගම් 10 කින් එකක් දැනටමත් ඔවුන්ගේ ආසියා මූලස්ථානය චීනයේ සිට සිංගප්පූරුවට හෝ මැලේසියාවට ගෙන යෑමට සැලසුම් කර ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles