Saturday, July 27, 2024

අප්‍රිකාවේ චීන මිලිටරි ව්‍යාප්තිය සහ සිම්බාබ්වේ සබඳතා

සිම්බාබ්වේ හමුදාවට සහයෝගය දැක්වීමට තම රට කැපවී සිටින බව චීන නිලධාරියෙක් නිවේදනය කර තිබේ.

හරාරේ හි පැවති මහජන විමුක්ති හමුදාවේ (PLA) 96 වන සංවත්සර උත්සවය අමතමින්, චීන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක Yonglong Zhu කියා සිටියේ PLA ජාත්‍යන්තර සහයෝගීතාවයට සහය වන අතර වඩා හොඳ සාමයක් සහ ආරක්ෂාව බෙදාහදා ගැනීමට කටයුතු කරන බවයි.

කර්නල් යැන්ග්ලොන්ග් පැවසුවේ, “මහජන විමුක්ති හමුදාව සහ සිම්බාබ්වේ ආරක්ෂක හමුදාව අතර සම්ප්‍රදායික මිත්‍රත්වය 1960 ගණන්වල ආරම්භ කරන ලද අතර පසුගිය දශක කිහිපය තුළ දෙපාර්ශවය විසින් සැමවිටම අගය කොට නිරන්තරයෙන් ප්‍රවර්ධනය කර ඇත.” යනුවෙනි.

චීනය ද කොටස්කරුවෙක් වන BRICS නව සංවර්ධන බැංකුවට (NDB) සම්බන්ධ වීමට සිම්බාබ්වේ ඉල්ලුම් කර ඇති පසුබිමක මෙම සහය ප්‍රකාශ වී තිබීම විශේෂත්වයකි.

Xinhua විසින් වාර්තා කරන ලද පරිදි, සිම්බාබ්වේ ජනාධිපති Emmerson Mnangagwa, බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව එක්ව පිහිටුවන ලද බැංකුවට ඇතුළත් කර ගැනීම සඳහා රුසියාවේ සහයෝගය ඉල්ලා සිටී.

සාම්ප්‍රදායිකව මිලිටරි සහාය සඳහා රුසියාව මත යැපෙන අප්‍රිකානු මහාද්වීපය, යුක්රේන යුද්ධය හේතුවෙන් අවිනිශ්චිත කාල පරිච්ඡේදයකට පිවිස ඇති අතර එහි මිලිටරි ආයෝජන, ආයුධ අලෙවිය සහ ආරක්ෂක සහයෝගීතා ගිවිසුම් සමඟ ඉදිරියට යාමට චීනයට කදිම අවස්ථාවක් උදාවී තිබේ.

මෙම වසර මුලදී ප්‍රකාශයට පත් කරන ලද වාර්තා මගින් නයිජීරියාව සහ සමක ගිනියාව ඇතුළු බටහිර අප්‍රිකානු කලාපයේ රටවල් මිලිටරි සහාය සඳහා චීනය දෙසට නැඹුරු වන බව යෝජනා කළද, දකුණු අප්‍රිකානු කලාපයේ සිම්බාබ්වේ ද එය අනුගමනය කරන බව පෙනේ.

පසුගිය සරත් සෘතුවේ දී Global Security Studies සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකින් ප්‍රකාශ කළේ සිම්බාබ්වේ චීන හමුදා ආධාර ලබන ප්‍රමුඛයා බවයි.

සිය විමුක්ති අරගලයේදී මුගාබේ ප්‍රමුඛ සිම්බාබ්වේ අප්‍රිකානු ජාතික සංගමය-දේශප්‍රේමී පෙරමුණ චීනයෙන් හමුදා පුහුණුව ලබා ගත්හ.

“මෙම ආධාර සැපයීම චීනය සහ සිම්බාබ්වේ නායකත්වය අතර අද දක්වාම පවතින ආරක්ෂක සබඳතාවයක් මුද්‍රා තැබීමට උපකාරී විය” යනුවෙන් අධ්‍යයනය පවසයි.

එයට අනුව, ආරක්ෂක හමුදා සහායට, ආරක්ෂක හමුදා ධාරිතාව වැඩි කිරීම සඳහා මිලිටරි පුහුණුව සහ උපකරණ වැනි ප්‍රදාන ඇතුළත් වේ.

මානව හිමිකම් කඩකිරීම් හේතුවෙන් මීට දශක දෙකකට පෙර ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් හරාරේට සම්බාධක පැනවූ දා සිට සිම්බාබ්වේ ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළෙන් ඈත් වී ඇත.

ඒ අනුව ජල විදුලි වේලි, ගුවන් තොටුපළ සහ මාර්ග වැනි යටිතල පහසුකම් ව්‍යාපෘතිවල මූලික මූල්‍ය සපයන්නා ලෙස බීජිං පත් වී ඇත.

අධ්‍යයනයට අනුව, පසුගිය වසර 20 තුළ චීනය අප්‍රිකානු ජාතීන් 47 කට යුධමය වශයෙන් උදව් කර ඇති අතර, සිම්බාබ්වේ සහ ඇන්ගෝලාව වැඩිම හමුදා උපකරණ සහ පුහුණුව ලබා ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles