චීනය යළිත් ගල්අගුරු දෙසටම හැරෙයි.

0
550

බලශක්ති හිඟයක් පිලිබඳ භීතියත් ඉන්ධන මිල සීග්‍ර ලෙස වැඩිවීමත් හේතුවෙන්, චීනය යළිත් ගල් අගුරු පතල් ක්‍රියාකාරකම්වල වැඩිකිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

පුනර්ජනනීය බලශක්තිය සදහා වැඩි අවධානයක් යොමු කරන බවට චීනය ලෝකයට පොරොන්දු වී ඇතත් පරිසර බලපෑම් නොතකා බලශක්ති සුරක්ෂිතතාවයට ප්‍රමුඛත්වය ලබා දීම සදහා ගල්අඟුරු කෙරෙහි තවදුරටත් විශ්වාසය තැබීමට චීනය තීරණය කර ඇති බව පැවසේ.

මේ අනුව නව ගල්අගුරු ආකර තුනක් ඇරඹීමට චීනය තීරණය කර ඇති අතර ඒ අනුව චීන සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව පසුගියදා ඩොලර් බිලියන තුනකට වැඩි ආයෝජන සහිත ගල් අඟුරු ආකර ව්‍යාපෘති තුනක් සඳහා අනුමැතිය ලබා දී තිබේ.

වයඹ දිග ෂැන්සි පළාතේ පතල් දෙකක් සහ ඉනර් මොංගෝලියා පළාතේ පතලක් සඳහා මෙම අවසර ලබා දීම සිදුකර ඇති බව එරට වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here