Saturday, July 27, 2024

චීනය තම රටෙහි මුස්ලිම්වරුන් මර්දනය කරමින් පකිස්ථාන ත්‍රස්තවාදීන්ට උදව් කරන බවට චෝදනාවක්

චීනය තුළ ඉස්ලාමය මර්දනය කරන අතරම හෝ එය තුරන් කිරීමට පවා උත්සාහ කරන අතරතුර, එරට ජනාධිපති ෂී ජින්පින් පාකිස්ථානයේ ඉන්දියාවට එරෙහි ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ට සහය දක්වන බවට චෝදනා එල්ල වී තිබේ.
සැමුවෙල් බේයිඩ් නම් ලේඛකයා සිය වාර්තාවකින් දක්වා තිබුණේ ජනාධිපති ෂී මුස්ලිම් සංඥා, සිරිත් විරිත් සහ ආහාර සඳහා ඔහුගේ ඇති පිළිකුල නොසඟවන බවයි.
ෂින්ජියැන්ග් විද්‍යාගාරයක් බවට පත් වී බවත් එහි උයිගුර් මුස්ලිම්වරුන්ට ඔවුන්ගේ ඉස්ලාමීය සංස්කෘතිය සහ එහි භාවිතයන් සහ සිරිත් විරිත් අමතක කර කොමියුනිස්ට් සංස්කෘතිය සහ ඉතිහාසය ඉගෙන ගැනීමට සලස්වා ඇති බවටත් ඔහු චෝදනා කරයි.
ජනාධිපති ෂී තම රටේ මුස්ලිම්වරුන් සහ පාකිස්ථානයේ මුස්ලිම්වරුන් කෙරෙහි දක්වන ආකල්පය දෙබිඩි බව ලේඛකයාගේ මතයයි.
ෂීගේ රජයට අවශ්‍ය වන්නේ පකිස්ථාන ඉස්ලාම්වාදීන් අතර හොඳ හිත වර්ධනය කර ගැනීමට බවයි ලේඛකයා පවසන්නේ.
හෆීස් සයීඩ්ගේ ජමාත්-උද්-දාවා හැර ඔවුන් කිසිවෙක් ෂින්ජියැන්ග්හි කඳවුරු බැඳගත් මුස්ලිම්වරුන්ට අනුකම්පා කර නොමැති බවත් ඊට පටහැනිව, පකිස්ථානයේ ඉහළම මූලධර්මවාදී පක්ෂය වන ජමාත්-ඉ-ඉස්ලාමි චීන ජනාධිපති ෂීගේ පරිපාලනය සමඟ හොඳ සබඳතා පවත්වන බවත් ලේඛකයා පෙන්වා දෙයි.
“පකිස්ථාන මූලධර්මවාදීන් චීනයට ආදරය කිරීමට හේතුව ඉන්දියාව කෙරෙහි දක්වන සතුරුකමයි. එබැවින්, 2008 මුම්බායි හි සංහාරය සංවිධානය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය විසින් ගෝලීය ත්‍රස්තවාදියෙකු ලෙස නම් කළ හෆීස් සයීඩ් සහ ඔහුගේ සහචරයා බේරා ගැනීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ඔවුන් චීනයට කෘතඥ වෙනවා. ජයිෂ්-ඊ-මොහොමඩ් ප්‍රධානී මසූඩ් අසාර් ගෝලීය ත්‍රස්තවාදියෙකු ලෙස නම් කිරීමෙන් බේරා ගැනීමට ද චීනය උත්සාහ කර තිබුණා” යැයි ලේඛකයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles