Saturday, July 27, 2024

රුසියානු තෙල් පාකිස්තානයට සහනයක් වෙයිද?

පකිස්තාන රජය රුසියාවෙන් තෙල් ආනයනය රටේ පසුබෑමට ලක් වූ ආර්ථිකයේ දිශාව වෙනස් කරන සාධකයක් ලෙස උත්කර්ෂයට නැංවුවද විශ්ලේෂකයින් අවධාරනය කරන්නේ මෙම ගනුදෙනුවේ ආර්ථික බලපෑම තක්සේරු කිරීමට තවමත් කල් වැඩි බවයි.
Nikkei Asia වාර්තා කළේ රුසියානු බොරතෙල් බැරල් 3,30,000 කට සමාන ප්‍රමාණයක් රැගත් පළමු නැව පසුගිය ඉරිදා පාකිස්තානය බලා පිටත් වූ බවයි.
මෙය පකිස්ථානයට ප්‍රථම රුසියානු තෙල් භාණ්ඩ ප්‍රවාහනය වන අතර “පකිස්ථානය සහ රුසියානු සමූහාණ්ඩුව අතර නව සම්බන්ධතාවයක ආරම්භය” යනුවෙන් අග්‍රාමත්‍ය ෂෙබාස් ෂරීෆ් ට්විටර් සටහනක් තබමින් පැවසීය.
පාකිස්තානයේ ඛනිජ තෙල් රාජ්‍ය අමාත්‍ය මුසාදික් මලික් ප්‍රාදේශීය මාධ්‍ය වෙත පැවසුවේ පාකිස්තානය නිතිපතා රුසියානු තෙල් ආනයනය කිරීම ආරම්භ කිරීමෙන් පසු ඉන්ධන මිල සැලකිය යුතු ලෙස පහත වැටෙනු ඇති බවයි.
පකිස්ථානයේ තෙල් ඉල්ලුමෙන් සියයට 80කට ආසන්න ප්‍රමාණයක් 2022-2023 මූල්‍ය වර්ෂය තුළ ආනයන මගින් සපුරා ඇති අතර ඒ සඳහා දළ වශයෙන් ඩොලර් බිලියන 13ක් වැය විය.
තවත් ප්‍රශ්නයක් නම් පකිස්ථානය තෙල් සඳහා මොස්කව් වෙත ගෙවීම් සිදු කරන්නේ කෙසේද යන්නයි.
විදේශ සංචිත මත දැඩි පීඩනය මධ්‍යයේ, පෙට්‍රෝලියම් අමාත්‍ය මලික්, ඩොලර් වෙනුවට චීන යුවාන්වලින් ගෙවන බව හෙළි කළ නමුත් ගණුදෙණු පහසු කර ගැනීම සඳහා ගෙන ඇති වැඩපිළිවෙල කුමක්දැයි අනාවරණය කර නොමැත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles