Thursday, April 25, 2024

චීනයෙන් ටිබෙටයට නව සයිබර් ආරක්ෂණ නීති

චීන බලධාරීන් ටිබෙටයේ නව සයිබර් නීතියක් පනවා ඇත.

එම නව නීතිය පසුගිය බදාදා ක්‍රියාත්මක වූ අතර, එමගින් සයිබර් අවකාශය උපයෝගී කරගනිමින් බෙදුම්වාදී ක්‍රියාවන්හි නියැලීමෙන් මහජන කැළඹීමක් ඇති කරන ඕනෑම කෙනෙකුට චීන රජය දැඩි දඬුවම් පමුණුවන බව ප්‍රකාශයට පත් කළේය.

2016 දී සම්මත කරන ලද මෙම නීතිය සැලසුම් කර ඇත්තේ කලාපය තුළ චීන පාලනය විවේචනාත්මක ලෙස සළකා, මාර්ගගත ක්‍රියාකාරකම් සිදුකරන ටිබෙට් ජාතිකයන් ඉලක්ක කිරීමටය.

ඒ අනුව කලාපය තුළ ඩිජිටල් නිරීක්ෂණ සහ වාරණය ශක්තිමත් කිරීම සඳහා මෙම නීතිය සැලසුම් කර තිබේ.

ඉන්දියාව පදනම් කරගත් ටිබෙට් ප්‍රතිපත්ති ආයතනයේ අධ්‍යක්ෂ දවා සෙරිං පෙන්වාදෙන්නේ, චීන රජය ටිබෙටයේ ක්‍රියාත්මක කර ඇති මෙම රෙගුලාසි සදහා නිසි මාර්ගෝපදේශ නොමැති බවයි.

චීනයේ ජාතික ආරක්‍ෂාවට සහ මහජන අවශ්‍යතාවලට බාධා පමුණුවා ඇති බවට චීන බලධාරීන් සලකන ඕනෑම අයෙකුට මෙම නීතිය යටතේ දඩුවම් ලැබිය හැකිය යනුවෙන් සෙරිං සඳහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles