Friday, March 29, 2024

මිනිස් ජාවාරමට සම්බන්ධයෙන් චීන වැසියන් නේපාලයෙන් අල්ලයි.

චීන ජාතිකයින් විසින් නේපාලය තුළ සිදු කරන අපරාධ සහ් නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

නේපාලයේ මිනිස් ජාවාරම් විමර්ශන කාර්යංශය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ නේපාලයේ සිටින චීන වැසියන් මිනිස් ජාවාරම වැනි දරුණු අපරාධ සදහා එරට බැංකු පද්ධතියට අනවසරයෙන් පිවිසෙන බවයි.

නේපාල බලධාරීන්ට අනුව එරටට පැමිණෙන චීන වැසියන් විසින් නේපාල වැසියන් විදෙස් රැකියා ලබාදෙන බව පවසා මුලා කරන බව අනාවරණ කර තිබේ.

එලෙස මුලා කරන නේපාල වැසියන් ඉහළ වැටුප් ලබාදෙන බව පවසා ලාඕසය වෙත පිටත් කර හරින බව ද අනාවරණ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම මිනිස් ජාවාරමට සම්බන්ධයෙන් මේවනවිට චීන වැසියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැම් නේපාල පොලීසිය පවසා ඇත.

ඔවුන් විසින් මේවනවිට තරුණයින් 10 දෙනෙකු රැකියා ලබාදෙන බව පවසා නීතිවිරෝධී ලෙස ලාඕසය වෙත යොමු කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ජාවාරමට සම්බන්ධ තවත් චීන ජාතිකයින් සොයා විමර්ශන ක්‍රියාත්මක බව ද නේපාල පොලීසිය සදහන් කර තිබේ.

සැකකාර චීන වැසියන් දෙදෙනා විසින් තවත් තරුණයන් ලාඕසයට යොමුකළේ ද යන්න සොයා ගැනීම සදහා පුළුල් විමර්ශන ක්‍රියාත්මක බව ද නේපාල පොලීසිය පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles