Friday, March 29, 2024

පාකිස්තානයේ වීදි අපරාධ ඉහළට

පාකිස්තානයේ නගරයන්හි වීදි අපරාධ තවදුරටත් ඉහළ යමින් පවතින බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

පාකිස්තානයේ කරච්චි හි කොරංගි ප්‍රදේශයේදී සිදු වූ සිද්ධීන් දෙකකදී තරුණයෙකු සහ පොලිස් නිලධාරියෙකු කොල්ලකරුවන් විසින් වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.

පළමු සිදුවීමේදී 24 හැවිරිදි කයුම් උමර් වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ප්‍රදේශයේ මුස්ලිම් පල්ලිය අසල මංකොල්ලකෑමකට එරෙහි වීම හේතුවෙන් බව පැවසේ.

මේ අතර සමාන් ටවුන් පොලිසිය සහ ගලවා ගැනීමේ සේවාවන් පැවසූයේ කොරංගි හි ඇති වූ ගැටුමකදී සැකකරුවන් විසින් පොලිස් ප්‍රධාන කොස්තාපල්වරයකු මරා දමා තිබේ.

පොලිසිය ප්‍රකාශ කළේ කොරංගි ප්‍රදේශයේ 51-සී අංශයේ පොලිස් නිලධාරීන් සහ සැකකරුවන් අතර මෙම ගැටුම ඇති වූ අතර එහිදී වෙඩි හුවමාරුවකින් පසුව එක් පොලිස් නිලධාරියෙකු, මන්සූර් අහමඩ් (38) මියගොස් ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles