චීනයේ මහජන ආරක්ෂාව ෂිං ජින්පින්ග්ට සමීපතමයෙක්ට

0
400


මහජන චීන සමූහාණ්ඩුවේ ආරක්ෂක ප්‍රධානියා වශයෙන් ජනාධිපති ෂිං ජින් පින්ග් ගේ සමීපතම හිතවතකු පත්කර ඇතැයි විදෙස් පුවත් වාර්තා සඳහන් කළේ ය.

එරට ඉහළම දේශපාලන තනතුරක් ලෙස සැලකෙන මහජන ආරක්ෂක අමාත්‍ය ධූරය ඒ අනුව 64 හැවිරිදි වැන් ෂියොහොංග්ට පිරිනමා තිබේ.

මීට පෙර එම ධූරයේ වැඩ බලා ඇත්තේ 68 හැවිරිදි ෂාහෝ කේෂී ය. ඔහු ලබන මාර්තු මාසයේ දී විශ්‍රාම යාමට නියමිතව ඇත.

මේ අනුව චීන දේශපලනය තුළ හා නීති ක්ෂේත්‍රය තුළ නැගී එන තරුව බවට වැන්ග් ෂියොහොංග් පත්ව ඇති අතර ඔහු එම තනතුරට පත්වීමෙන් අනතුරුව ෂිං ජින්පින්ගේ ජාතික ආරක්ෂක දැක්ම දූෂණයට එරෙහි වැඩපිළිවෙල තවදුරටත් බලාත්මක කර ඉදිරියට රැගෙන යනු ඇතැයි විශ්වාස කෙරේ.

ආරක්ෂක අමාත්‍ය ධූරයට පත්වූ වැන්ග් කිසිදු පළාතක පොලිස් ප්‍රධානියකු ලෙස කටයුතු කර නොමැති අතර 24 වසරකට පසු එම තනතුරට පත් වූ පළමු වෘත්තීය පොලිස් නිලධාරියා ලෙස ද සැලකීම විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here