ජපන් වායු සමීකරණ දැවැන්තයා ආසියාවේ යෙන් බිලියන 100 ක ආයෝජනයකට සැරසේ

0
326

ජපන් බහුජාතික වායු සමීකරණ නිෂ්පාදන සමාගමක් වන Daikin Industries (ඩයිකින්) විසින් ඉදිරි වසර හතර තුළ අග්නිදිග ආසියාවේ සහ ඉන්දියාවේ යෙන් බිලියන 100 (ඩොලර් මිලියන 711) ආයෝජනය සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

එමගින් මූලික කොටස් සහ කුඩා වායු සමීකරණ නිපදවීමට, දේශීය වෙලඳපොලවල ඉහළ යන ඉල්ලුම වැඩි කිරීමට සහ සමාගමේ අංක 1 ස්ථානය තහවුරු කිරීමට උත්සාහ කරනු ඇති බව සදහන් වේ.

ජපාන වායු සමීකරණ නිෂ්පාදකයාගේ සැලසුම්ගත අත්පත් කර ගැනීම් සහ 2025 මූල්‍ය වර්ෂය දක්වා කලාපය තුළ සිදු කරන ලද අනෙකුත් ආයෝජන පෙර වසර හතරක කාලසීමාව සඳහා වියදම් කළ මුදලට වඩා 60%ක වැඩිවීමකි.

ඩයිකින් ඉන්දුනීසියාවේ ජකර්තා හි නව කර්මාන්ත ශාලාවක් සඳහා ඩොලර් මිලියන 220ක් වැය කරනු ඇති බවත් ගෘහස්ථ වායු සමීකරණ යන්ත්‍ර මිලියන 1.5ක් නිකුත් කිරීමට අපේක්ෂිත බවත් සදහන් වේ.

සමාගම විසින් ඉන්දියාවේ ඉදිවෙමින් පවතින කර්මාන්ත ශාලාවේ වැඩි ආයෝජනයක් කරනු ඇති බව ද විදෙස් වාර්තාවල දැක්වේ.

ඉන්දියාවේ ගෘහ ඒකකවලින් 5%කට පමණක් වායු සමීකරණ යන්ත්‍රයක් ඇති නිසා සමාගමට ඉන්දීය වෙළඳපොලේ වර්ධනයක් ලබා ගැනීමට බොහෝ ඉඩ ඇති බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here