ඉන්දියානු කොවිඩ් ඖෂධවලට චීනයේ ඉහල ඉල්ලුමක්

0
260

ඉන්දියාවේ නිෂ්පාදනය කෙරෙන කොවිඩ්-19 ඖෂධ හතරක් වන Primovir, Paxista, Molnunat සහ Molantris චීනයේ විශාල ඉල්ලුමක් ඇති ඖෂධ ලෙස ලැයිස්තුගත කර ඇත.

කොවිඩ් රෝගීන්ගේ හදිසි වැඩිවීම සමඟ අරගල කරන චීනය තුළ, විශේෂයෙන් ෆයිසර් නිෂ්පාදනයේ මුඛ ඖෂධයට සමාන ඉන්දීය පැක්ස්ලොවිඩ්වලට මෙලෙස විශාල ඉල්ලුමක් නිර්මාණය වී තිබේ.

එක් ඖෂධ පෙට්ටියක් චීන රෙන්මිම්බි1000 කට අලෙවි කරන මෙම ඉන්දියානු ඖෂධය, පසුගිය දින කිහිපය තුළ අන්තර්ජාලය තුල වැඩිම ඉල්ලුමක් සටහන් කර තිබේ.

එන්නත් ගැනීමෙන් පසු කොවිඩ්-19 කැරැල්ලේ කෙටි විරාමයක් ලෝකය පුරා නිරීක්ෂණය වූ නමුත් චීනයේ එය වැඩි කලක් පැවතුණේ නැත.

දැඩි ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්තියක් බලාත්මක කර තිබියදීත්, කොරෝනා වයිරස් විකෘති ප්‍රභේදයක වැඩිවීමක් චීනයේ වාර්තා විය.

චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසමට අනුව, පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ පළමු දින 20 තුළ මිලියන 248 කට ආසන්න ජනතාවක් වෛරසය වැළඳී ඇති අතර එය ජනගහනයෙන් සියයට 18 කට ආසන්න ප්‍රමාණයක් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here