Sunday, May 19, 2024

FCID ළඟදීම වැසියන ලකුණු !

පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය (FCID) ළඟදීම වැසියන ලකුණු පහළවී ඇතැයි පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.
ඒ අනුව, පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය මින් ඉදිරියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුබද්ධ ඒකකයක් ලෙස ස්ථාපිත කිරීමට නියමිත බව ද ඔහු කියා සිටියේය.
දුෂණ සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණිලි ගොනුකළ ‘දුෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලයේ’ සිවිල් කාර්යමණ්ඩලයේ හැදුනුම්පත් වල කාලසීමාව දීර්ග නොකිරීමෙන් එය සනාථවන ඔහු පෙන්වා දුන්නේය.
එම කාර්ය මණ්ඩලයට ලබාදී තිබු හැඳුනුම්පත්හි කාලය ඉකුත් අප්‍රේල් 08 අවසන්වී ඇති අතර එය ජුනි 30 දක්වා පමණක් දිගුකර තිබේ.
වංචා, දූෂණ, අක්‍රමිකතා සම්බන්ධයෙන් ලැබෙන මහජන පැමිණිලි ගැන මූලික විමර්ශනයක් සිදු කර වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස්පතිවරයා වෙත  භාරදීම ‘දුෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලය’ විසින් සිදුකෙරිණ
ඒ අනුව, දුෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලය විසින් මේවනවිට ඊට ආදාළ ලිපිගොනු 70කට ආසන්න ගණනක් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය යොමුකිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් විමර්ශන අවසන්කර නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත්කර ඇත.
 නීතිපති දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් මේවනවිට චෝදනා ගොනුකර නඩු පැවරීම් කටයුතු ද  සුදානම් කර ඇතැයි ද වාර්තාවේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles