ඇෆ්ගනිස්තානයේ තැන් තැන්වලින් අවි මතුවීම දිගටම

0
298
A bottle of pellets, which are the bullets of the confiscated replica guns, is seen on display at a police station in Guiyang, Guizhou province March 6, 2014. China has seized approximately 15,000 illegal guns in three provinces of south China, marking its largest haul of illegal firearms as it steps up efforts to crack down on violent crime. Police in the city of Guiyang seized approximately 15,000 guns and 120,000 illegal knives, China Central Television said on Sunday. Picture taken March 6, 2014. REUTERS/China Daily (CHINA - Tags: CRIME LAW SOCIETY POLITICS) CHINA OUT. NO COMMERCIAL OR EDITORIAL SALES IN CHINA

ඇෆ්ගනිස්තානයේ , දකුණු කන්දහාර් පළාත තුල ආරක්ෂක අංශ විසින් සිදු කළ මෙහෙයුම් මාලාවක් අතරතුර ප්‍රහාරක රයිෆල් සහ පතොරම් දුසිමකට වඩා වැඩි ප්‍රමාණයක් සොයා ගත් බව අගාන්හි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරි මුල්ලා අබ්දුල් ගානි හක්බින් පවසා තිබේ.

සොයා ගත් ගිනි අවි අතර AK-47 හයක්, පිස්තෝල 13 ක්, උණ්ඩ දහස් ගණනක් සහ රොකට් ග්‍රෙනේඩ් (RPG) 19 ක් ඇතුළත් බව ශින්හුවා වාර්තා කර ඇත.

නීතිවිරෝධී ලෙස අවි ළඟ තබාගෙන සිටි පුද්ගලයින් තිදෙනෙකු ද ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් බව හක්බින් වැඩිදුරටත් පැවසීය.

2021 අගෝස්තු මාසයේදී එක්සත් ජනපදය ඇෆ්ගනිස්ථාන හමුදාවන් සතුව බොහෝ හමුදා උපකරණ සහ ආයුධ අතහැර දැමූ අතර එය අවසානයේ තලේබාන්වරුන් අතට පත්විය.

කාබුල් අල්ලා ගැනීමෙන් පසු, තලේබාන්වරු ඇෆ්ගනිස්ථානයේ දේශපාලන පාලනය ලබා ගත්තා පමණක් නොව, පලා යන ඇෆ්ගනිස්ථාන හමුදා විසින් අතහැර දැමූ එක්සත් ජනපදයේ නිෂ්පාදිත සියලුම ආයුධ සහ හමුදා උපකරණවල පාලනය ද ලබා ගත් බව සදහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here