ෆුකුෂිමා ජලය මුදාහැරීමට චීනය එරෙහි වෙයි

0
464
FILE PHOTO: An aerial view shows the storage tanks for treated water at the tsunami-crippled Fukushima Daiichi nuclear power plant in Okuma town, Fukushima prefecture, Japan February 13, 2021, in this photo taken by Kyodo. Kyodo/via REUTERS

ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයෙන් පිරිපහදු කළ ජලය සාගරයට මුදා හැරීමට ජපානයේ සැලසුම්වලට එරෙහි විරෝධය අවුළුවා ඉන්දු-පැසිෆික් කලාපයේ නායකත්ව භූමිකාවක් වර්ධනය කිරීමට චීනය නොසැලකිලිමත් ලෙස උත්සාහ කරමින් සිටින බවක් පෙනෙන්නට තිබේ.

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ ද අනුමැතිය හා අධීක්ෂණය යටතේ ජපානය ඉදිරි දශක තුන සඳහා ජලය කුඩා කොටස්ෙවලින් සාගරයට මුදා හැරීමට සැලසුම් කරයි.

එම ඇගයීම අසල්වැසි රටවල විරුද්ධත්වය සමනය කරනු ඇතැයි ජපානය දැන් බලාපොරොත්තු වේ.

ඒජන්සිය ෆුකුෂිමා හි කාර්යාලයක් විවෘත කරන්නේ “ඉදිරි දශක ගනනාවක්” ක්‍රියාවලිය “ස්ථිරවම” අධීක්ෂණය කිරීමට සහ තක්සේරු කිරීමට ය. මෙය සාගර ජීවීන්ට හානි වනු ඇතැයි බියෙන් සිටින අසල්වැසි රටවලට සහ මිලියන සංඛ්‍යාත පැසිෆික් දූපත් වැසියන්ගේ බිය පහ කිරීමට සැලකිය යුතු සාධකයකි.

මුදා හැරීම විවේචනය කළ ප්‍රමුඛතම රට චීනයයි. න්‍යෂ්ටික අනතුරකින් පසු අපජලය සාගරයට මුදා හැරීමේ පූර්වාදර්ශයක් නොමැති බව ජපානයේ චීන තානාපති Wu Jianghao පැවසීය.

එ් මග යමින හොංකොං ප්‍රධාන විධායක ජෝන් ලී, අනතුරු ඇඟවූවේ ජපානය සාගරයට ජලය මුදා හරින්නේ ජපන් ප්‍රාන්ත ගණනාවකින් ආහාර නිෂ්පාදන තහනම් කිරීම ඇතුලු තීරණාත්මක ක්‍රියාමාර්ග ගන්නා බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here