Wednesday, April 17, 2024

G20 ත්‍රස්තවාදය එරෙහිව එකමුතුවේ

සියලු ආකාරයේ ත්‍රස්තවාදයන් හෙළාදැකීමට සහ ත්‍රස්තවාදී අරමුණු සඳහා නව සහ නැගී එන තාක්‍ෂණයන් අනිසි ලෙස භාවිත කිරීමෙන් වර්ධනය වන තර්ජන මර්දනය කිරීමට G20 රටවල විදේශ අමාත්‍යවරු එකඟතාව පළකර ඇත.

පසුගියදා නවදිල්ලියේ පැවති G20 විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම අවසානයේ සියලු පාර්ශ්ව එකාබද්ධව මේ සම්බන්ධයෙන් බහුපාර්ශ්විකවාදයක් සහ ප්‍රතිසංස්කරණයක් සඳහා එකඟතාවක් ඇති කරගෙන තිබේ.

ත්‍රස්තවාදී ක්‍රියා කොතැනක හෝ කවුරුන් විසින් සිදු කළද, ඒවා කුමන අභිප්‍රේරණයකින් සිදු වුවද, ඒවා සාපරාධී සහ යුක්ති සහගත නොවන බව විදේශ අමාත්‍යවරු එහිදී අවධාරණය කළහ.

මෙහිදී පකිස්ථානයෙන් පැන නගින දේශසීමා ත්‍රස්තවාදය ඉන්දියාව විසින් ප්‍රධාන වශයෙන් අවධානයට යොමුකර තිබේ.

“ඇන්ටාලියා (2015), හැම්බර්ග් (2017) සහ ඔසාකා (2019) හි නායකයින්ගේ ප්‍රකාශ අනුව යමින් සාමය පිළිබඳ සියලු ආගම් දේශනා කර තිබියදී ආගමේ හෝ විශ්වාසයේ නමින් සිදුවන සියලු ආකාරයේ ත්‍රස්තවාදයන් අපි හෙළා දකිමු. එය ජාත්‍යන්තර සාමයට සහ ආරක්ෂාවට ඇති බරපතලම තර්ජනයන්ගෙන් එකකි,” විදේශ අමාත්‍යවරුන්ගේ හමුවෙන් අනතුරුව නිකුත් කෙරුණු අවසන් වාර්තාවේ සඳහන් කර ඇත.

“බලශක්තිය ඇතුලු යටිතල පහසුකම්වලට සහ අනෙකුත් අවදානමට ලක්විය හැකි ඉලක්කවලට එරෙහිව සිදුවන සියලුම ත්‍රස්තවාදී ක්‍රියා අපි තරයේ හෙළා දකිමු. ඒවායේ අභිප්‍රේරණය නොසලකා, කොතැනක, කවදා හෝ කවුරුන් විසින් සිදු කළත් ත්‍රස්තවාදයේ සියලුම ක්‍රියා සාපරාධී සහ යුක්ති සහගත නොවේ” යනුවෙන් එහි වැඩිදුරටත් සඳහන් වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles