ගෙදර ඉදන් වැඩ කරන්න ලෑස්ති වෙන්න?

0
455

පවතින සම්පත් හිගය හේතුවෙන් රාජ්‍ය වියදම් අවම කර ගැනීම සඳහා රාජ්‍ය නිලධාරින් රාජකාරී සඳහා කාර්යාලවලට කැඳවීම සීමා කරන ලෙස අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටුයතු, පළාත් සහා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ

අනුව අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් රාජ්‍ය නිලධාරීන් සේවයට කැඳවන ලෙසයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කේ ඩී එස් රුවන් චන්ද්‍ර ඉල්ලීමක් කර ඇතත්.

කාර්යාල කටයුතුවලට බාධා නොවන පරිදි අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා පමණක් සේවයට කැඳවීමේදී ආ මහතා ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි සිදුකරන ලෙස ද ඉල්ලා තිබෙනවා.

දුරබැහැර සිට සේවයට වාර්තා කරන නිලධාරීන්ට ඔවුන් පදිංචිවි සිටින ස්ථානයට ආසන්න සේවා ස්ථානයක තාවකාලිකව අනුයුක්ත කිරීමට අවශ්‍ය බලතල ආයතන ප්‍රධානීන් වෙත පැවරීම සුදුසු බව ද අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා, අමාත්‍යංශ ලේකම්වරයාට දන්වා තිබෙනවා.

මේ අතර විශාල වපසරියකින් යුත් සේවා ස්ථානවල රාජකාරී කරන පිරිස සීමා කර ඔවුන්ගේ කාර්යාලයේ සීමිත ඉඩ ප්‍රමාණයකින් යුතු වපසරියක සේවයට යොදවා විදුලිය, ජලය සහ ඉන්ධන භාවිතය අවම කර ගැනීමට ද පියවර ගන්නා ලෙයසි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා එම ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here