හසාරාලාට වෙනම පළාතක් ඉල්ලයි

0
406

හසාරා ජන කොට්ඨාසය වෙනම පළාතක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස ‘ටෙහ්රීක්-ඉ-සූබා හසාරා’ සංවිධානයේ කැඳවුම්කරු මුෂ්ටාක් ඛාන් පාකිස්තාන මුස්ලිම් ලීගය ප්‍රමුඛ මධ්‍යම රජයෙන් ඉල්ලා ඇත.

මන්සෙරා හි වාර්තාකරුවන් සමඟ පැවති සාකච්ඡාවකදී ඔහු පවසා ඇත්තේ, පාලක පක්ෂය සහ පාකිස්තාන ටෙහ්රීක්-ඉ-ඉන්සාෆ් යන කණ්ඩායම් දෙකම හසාරා පළාතේ ප්‍රශ්නය මුල්කරගෙන දේශපාලනය වාසි වෙනුවෙන් කටයුතු කරන බවයි.

පාලක පක්ෂ නායකයන් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත අනෙකුත් දේශපාලන පක්ෂ සම්බන්ධ කර ගන්නා බව ප්‍රකාශ කළද, එම උත්සාහයන් තවමත් ඵල දරා නොමැති බවයි මුෂ්තාක් පෙන්වාදී ඇත්තේ.

ඒ අනුව වගකිවයුතු පාර්ශව ඉදිරිපත් වී හසාරා පළාතේ යෝජනාව ජාතික සභාව තුළ සම්මත කිරීමට කාලය එළඹ ඇති බව ඔහු පවසා තිබේ.

මුෂ්තාක් අවධාරනය කළේ වෙනම පාලන තන්ත්‍රයක් නිර්මාණය කිරීම රටේ නරක පාලනය සහ දූෂණය අවසන් කිරීමට උපකාරී වනු ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here