Monday, January 13, 2025

ICC විසින් දුනිත් වෙල්ලාලගේ 19 න් පහළ යොවුන් ලෝක කුසලානයේ වටිනාම ක්‍රීඩකයන් අතරට නම් කරයි

ජගත් ක්‍රිකට් කවුන්සලය විසින්, යොවුන් එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ වටිනාම ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් ලෝක කණ්ඩායම නම් කර තිබෙනවා.

යොවුන් ලෝක ශූරතාවය දිනූ ඉන්දීය කණ්ඩායමේ නායක යෂ් ධුල්ගේ නායකත්වයෙන් යුත් මෙම කණ්ඩායමට ක්‍රීඩකයින් 12 දෙනෙකු ඇතුළත් වනවා. ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ ද එම තේරීම් අතර තිබීම විශේෂත්වයකි.

2022 වසරේ ICC 19 න් පහල ලෝක කුසලානය පසුගියදා අවසන් වූයේ ඉන්දියාව ජය අත්කරගෙන දෙමින්ය. එම ලෝක කුසලානයේ දැක්වූ දක්ෂතා පදනම් කරගනිමින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය මගින් මෙම තරගාවලියේ සිටි වටිනාම ක්‍රීඩකයන් 12 ගෙන් යුත් කණ්ඩායම් නම් කර ඇත. ඒ තුල ශ්‍රී ලංකා 19 න් පහල කණ්ඩායනේ නායක දුනිත් වෙල්ලාලගේ නමද ඇතුලත් වීම විශේෂත්වයකි. දුනිත් ට අමතරව ඉන්දීය   ක්‍රීඩකයින් තිදෙනෙකු , පාකිස්තාන ක්‍රීඩකයින් දෙදෙනෙකු, එංගලන්ත ක්‍රීඩකයින් දෙදෙනෙකු , දකුණු අප්‍රිකානු ක්‍රිඩකයෙකු , ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකු , බංග්ලාදේශ ක්‍රීඩකයෙකු හා ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෙකු මෙම කණ්ඩායමට ඇතුළත්ව සිටියි.

එම කණ්ඩායම මෙසේය.

හසීබුල්ලා ඛාන් (පාකිස්තානය)
ටීග් විලී (ඔස්ට්‍රේලියාව)
ඩිවෝල්ඩ් බ්‍රෙවිස් (දකුණු අප්‍රිකාව)
යෂ් ධුල් (ඉන්දියාව)
ටොප් ප්‍රෙස්ට් (එංගලන්තය)
දුනිත් වෙල්ලාලගේ (ශ්‍රී ලංකාව)
රාජ් බාවා (ඉන්දියාව)
විකී ඔස්ට්වාල් (ඉන්දියාව)
රිපොන් මොන්ඩොල් (බංග්ලාදේශය)
අවෛයිස් අලි (පාකිස්තානය)
ජොස් බෝයිඩන් (එංගලන්තය)
නූර් අහමඩ් (ඇෆ්ඝනිස්ථානය)

මෙම කණ්ඩායමේ නායකයා ලෙස මෙවර ලෝක ශූරයන් වූ ඉන්දියානු කණ්ඩායමේ නායක Yash Dhull ව නම් කර ඇත. ඔහු මෙවර තරගාවලියේදි ලකුණු 229 ක් රැස් කලේ එක් ශතකයක්ද සමගින්ය. මෙම කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස පකිස්තානයයේ Haseebullah Khan ව නම් කර ඇත. කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස නම් කර ඇත්තෙ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේය. දුනිත් මෙම වසරේ ලෝක කුසලානය අවසන් කලේ මෙවර තරගාවලියෙ වැඩිම කඩුලු ලාභියා ලෙසය. එසේම ඔහු පිත්තෙන්ද ලකුණු 264 ක් රැස් කලේ එක් විශිෂ්ට ශතකයක්ද සමගින්‍ ය. දුනිත්ගේ මෙම දක්ෂතා නිසා ඔහුව මෙවර අයි.පි.එල් ක්‍රීඩක වෙන්දේසියටද ඇතුලත් කර ගැනීමට ඉන්දියාව විසින් පසුගියදා කටයුතු කළේය.

හසීබුල්ලා ඛාන් (පාකිස්තානය)
ටීග් විලී (ඔස්ට්‍රේලියාව)
ඩිවෝල්ඩ් බ්‍රෙවිස් (දකුණු අප්‍රිකාව)
යෂ් ධුල් (ඉන්දියාව)
ටොප් ප්‍රෙස්ට් (එංගලන්තය)
දුනිත් වෙල්ලාලගේ (ශ්‍රී ලංකාව)
රාජ් බාවා (ඉන්දියාව)
විකී ඔස්ට්වාල් (ඉන්දියාව)
රිපොන් මොන්ඩොල් (බංග්ලාදේශය)
අවෛයිස් අලි (පාකිස්තානය)
ජොස් බෝයිඩන් (එංගලන්තය)
නූර් අහමඩ් (ඇෆ්ඝනිස්තානය)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles