IMF සහාය නිල වශයෙන් ලබා දෙන්න ආචාර්ය ජයශංකර් එයි…

0
278

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්.ජයිෂංකර් මහතා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සදහා ඊයේ දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා සමග එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් සිව් දෙනෙකු ද පැමිණ සිටින බවයි අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ. මෙම පිරිස මාලදිවයින සංචාරයක් නිමා කර මෙසේ ශ්‍රී ලංකාවට පැමිණ තිබූ අතර ඔවුන් ඉන්දියාවට අයත් විශේෂ ගුවන් යානයකින් ඊයෙ දින සවස 02.45ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඇතුළු පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here