Thursday, April 18, 2024

බොහෝ රටවලට වඩා ඉන්දියාව හොඳින් – IMF කියයි

ලොව වෙනත් බොහෝ ගෝලීය ආර්ථිකයන්ට වඩා හොඳින් ක්‍රියා කිරීම සම්බන්ධයෙන් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ගීතා ගෝපිනාත් ඉන්දියාවට ප්‍රශංසා කර තිබේ.

එහෙත් ශ්‍රම වෙලඳපොලවල් සහ ඉඩම් ආශ්‍රිත  කටයුතු කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව තවදුරටත් සැළකිලිමත් වීම අවශ්‍ය බව ඇය පෙන්වාදී ඇත.

පසුගියදා ඩාවෝස් හි පැවැත්වෙන ලෝක ආර්ථික සංසදයේ (WEF) රැස්වීමට සමගාමීව සම්මුඛ සාකච්ඡාවකදී, ගෝපිනාත් පෙන්වා දුන්නේ, කොවිඩ්-19 වසංගතය සහ රුසියානු-යුක්රේන යුද්ධය, ජාතික ආරක්ෂාව සහ ආර්ථික ආරක්ෂාව යන කරුණු සම්බන්ධයෙන් රටවල් වඩාත් සැලකිලිමත් වී ඇති බවයි.

එමඟින් විශාල බෙදීමට තුඩු දිය හැකි ප්‍රතිපත්ති අනුගමනය කිරීමට රටවල් යොමුවිය හැකි බව ඇය සම්මුඛ සාකච්ඡාවේදී පවසා තිබේ.

කෙසේ වෙතත්, ඉන්දියාවට ධනාත්මක වර්ධනයන් රාශියක් ලැබී ඇති නමුත් නිෂ්පාදන අංශයේ සෘජු විදේශ ආයෝජන සඳහා විශාල ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles