Tuesday, April 23, 2024

පාකිස්තානය බංග්ලාදේශයට පරදී

පකිස්ථානයෙන් බිහි වූ රටක් වන බංග්ලාදේශය, සිය පූර්වගාමියාට වඩා විශ්වීය සෞඛ්‍ය ආවරණ දර්ශකවල ඉහලින් සිටින බව වාර්තාවේ.

විශ්ව සෞඛ්‍ය ආවරණය (UHC) යනු ගෝලීය සෞඛ්‍ය ප්‍රමුඛතාවයක් වන අතර තිරසාර සංවර්ධන සාධකයන් හි ප්‍රධාන ඉලක්ක වලින් එකකි.

ඉස්ලාමාබාද් හි ශිෆා තමිර්-ඊ-මිලට් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සහ විශ්ව සෞඛ්‍ය ආවරණය පිළිබඳ ලෝක සෞඛ්‍ය සන්විධානයේ උපදේශක සෆාර් මිර්සා විසින් පාකිස්තානයේ සෞඛ්‍ය සේවා තත්ත්වය පිළිබඳව කම්පා සහගත හෙළිදරව් කිරීම් කිහිපයක් ඩෝන් පුවත්පත හරහා අනවරණය කර ඇත.

උදාහරණයක් වශයෙන්, නව උපත් මරණ අනුපාතිකය අතින් ලෝකයේ දෙවන ඉහළම ස්ථානයට පාකිස්තානය පත්වී තිබේ.

එනම් සෑම සජීවී උපත් 1,000කින්ම, අලුත උපන් බිළිඳුන් 40ක් උපතේ සිට දින 28ක් ඇතුළත මිය යන බව හෙළිදරව් වී ඇත.

පසුගිය දශක 2 තුළ අවුරුදු 5ට අඩු ළමා මරණ අනුපාතය ක්‍රමයෙන් අඩු වී ඇති බංග්ලාදේශය සමඟ මෙම සංඛ්‍යා සැසදීමේදී, එය සජීවී උපත් 1,000 කට මරණ 30 ක් වන අතර, මෙම මරණ අනුපාතය අවුරුදු 5 ට අඩු ළමා මරණවලින් සියයට 67 කි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles