Thursday, March 28, 2024

ඉන්දියාවෙන් මාලදිවයිනට මුහුදු ගිලන් රථ

ඉන්දීය ප්‍රදාන හා ආධාර යෝජනා ක්‍රමය යටතේ මුහුදු ගිලන් රථ දෙකක් ඉන්දියාව විසින් පසුගියදා මාලදිවයිනට භාර දුන්නේය.

විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයශංකර් සහ මාලදිවයිනේ විදේශ අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ් නූනු මනදූ හි පැවති මෙම භාරදීමේ උත්සවයට සහභාගී වූහ. 

ජයිශංකර්ගේ මාලේ සංචාරයේ කොටසක් ලෙස මාලදිවයින සහ ඉන්දියාව අතර විවිධ ක්ෂේත්‍රයන්හි වැදගත් අවබෝධතා ගිවිසුම් ගණනාවකට අත්සන් තැබූ බව වාර්තා සඳහන් කරයි.

ඉන්දීය රජයෙන් මාලදිවයිනේ ආරක්ෂක අමාත්‍යාංශයට ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතියක් යටතේ මුහුදු ගිලන් රථ දෙකක් භාරදීම සිදු කෙරුණු බව මාලදිවයින රජය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

මෙම  මුහුදු ගිලන් රථ මිලදී ගැනීම සඳහා මාලදිවයිනට රුෆියා මිලියන 6.2 ක් වෙන් කරන ලද බවයි වාර්තාවන්නේ.

ව්‍යාපෘතියේ අරමුණ වන්නේ මාලදිවයිනේ සෞඛ්‍ය සේවා සැපයුම් පද්ධතිය ශක්තිමත් කිරීමයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles