Thursday, March 28, 2024

පාකිස්තානය හොඳ නම් ගනුදෙනුත් හොඳලු

පාකිස්තානය සමඟ සාමාන්‍ය අසල්වැසි සබඳතා අවශ්‍ය නමුත් එවැනි සම්බන්ධතාවයක් සඳහා ප්‍රචණ්ඩත්වයෙන් සහ ත්‍රස්තවාදයෙන් තොර වාතාවරණයක් තිබිය යුතු බව ඉන්දියාව අවධාරණය කරයි.

කාශ්මීරය වැනි දැවෙන ප්‍රශ්න සම්බන්ධයෙන්  බැරෑරුම් හා අවංක සාකච්ඡා සඳහා පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට කළ ඉල්ලීමෙන් දින කිහිපයකට පසු ඉන්දියාව මෙලෙස ප්‍රතිචාර දක්වා තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල ප්‍රකාශක අරින්දම් බාග්චි සඳහන් කර ඇත්තේ, ඉන්දියාවට සැමවිටම පාකිස්තානය සමඟ සාමාන්‍ය අසල්වැසි සබඳතා අවශ්‍ය බව ඔවුන් නිතරම ප්‍රකාශ කර ඇති බවයි.

එහෙත් ඒ සඳහා භීෂණයක්, සතුරුකමක් හෝ ප්‍රචණ්ඩත්වයක් නොමැති හිතකර වාතාවරණයක් තිබිය යුතු බවත්, එය ඉන්දියාවේ ස්ථාවරය ලෙස පවතින බවත් ඔහු පෙන්වාදුන්නේය.

ඩුබායි හි අල් අරාබියා රූපවාහිනියට සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පසුගියදා පාකිස්ථාන අගමැති ෂරීෆ් පවසා ඇත්තේ ඉන්දියාව සමඟ යුද්ධ තුනකින් පසු තම රට පාඩම ඉගෙන ගෙන ඇති බවත්, එමගින් දුක්ඛිතභාවය, දරිද්‍රතාවය සහ විරැකියාව පමණක් ගෙන ආ බවත්, එබැවින් අසල්වැසි ඉන්දියාව සමඟ සාමය අවශ්‍ය බවත්ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles