Saturday, April 27, 2024

ඉන්දියාව විද්‍යුත් වාහනයට ගොඩවෙයි

ඉන්දියාව තුළ මේ වන විට විද්‍යුත් වාහන සඳහා ඇති ඉල්ලුම ක්‍රමයෙන් ඉහළ යමින් ඇතැයි නවතම වාර්තා පෙන්වා දෙයි.

විද්‍යුත් වාහන පැහැදිලිවම පෙට්‍රල් හා ඩීසල් වාහන අභිබවා යෑමට හේතුවී ඇත්තේ ඒවායේ පාරිසරික බලපෑමයි.

විද්‍යුත් වාහනවල ශුන්‍ය විමෝචනයක් පවතින අතර, කාබන් පිටවීමක් නොමැති වාහන බලාපොරොත්තු වන අය සඳහා එය ආකර්ශනීය තේරීමකි. ගෝලීයවද විදුලි වාහන (EV) වෙළඳපොළ ශීඝ්‍රයෙන් සංවර්ධනය වෙමින් පවතී.

සමස්ත විද්‍යුත් වාහන ප්‍රමාණය ගෝලීයව 2020 දී පැවති සියයට 4.2 සිට 2021 දී සියයට 8.3ක් දක්වා වර්ධනය විය.
මෙය වසරක් තුළ සියයට 108 ක වැඩිවීමකි.

2021 දී ඉන්දියාවේ විද්‍යුත් වාහන මිලියන 0.32 කට ආසන්න ප්‍රමාණයක් අලෙවි වූ අතර එය පෙර වසරට සාපේක්ෂව සියයට 168 කින් වැඩිවීමකී.

ලොව පස්වැනි විශාලතම විද්‍යුත් මෝටර් රථ කර්මාන්තය ඉන්දියාව සතු වන අතර එය 2030 වන විට තුන්වැනි විශාලතම එක බවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. පසුගිය වසර තුන තුළ ඉන්දියාවේ විද්‍යුත් වාහන මිලියන 0.52 ක් ලියාපදිංචි කර තිබේ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles