Saturday, April 20, 2024

G7 සමුළුවට ඉන්දියාවටත් ඇරියුම්

ජපානයේ පැවැත්වෙන G7 සමුළුව සඳහා ඉන්දියාවට ද නිල වශයෙන් ඇරියුම් කර තිබේ. ඒ G7 සාමාජිකත්වය නොදරන ඕස්ට්‍රේලියාව, කුක් අයිලන්ඩ්ස්, බ්‍රසීලය, වියට්නාමය, ඉන්දුනීසියාව යන රටවලට අමතරවයි.

” යටිතල පහසුකම් සංවර්ධනය සම්බන්ධයෙන් ඉන්දියාවට විශාල විභවයක් සහ ඉල්ලුමක් ඇත,” යැයි මෙවර G7 සංවිධානයේ සභාපතිත්වය දරන ජපානය ප්‍රකාශ .කර ඇත.

ජපාන අගමැති කිෂිඩා විසින් පසුගියදා සිය ඉන්දීය සංචාරය අතරතුර දිල්ලි නුවරදී ප්‍රතිඥා දුන් ඩොලර් බිලියන 75 අරමුදල් සම්බන්ධයෙන්ද ප්‍රකාශයක් කරන ජපාන රජයේ නියෝජිතයකු පවසා ඇත්තේ, එය චීනයට එරෙහි වැඩසටහන් වලට නොව, නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් සඳහා බවයි.
“අගමැතිතුමා නැවත නැවතත් අවධාරණය කර තිබෙනවා. කිසිම රටකට එරෙහිව කටයුතු කිරීමට කිසිදු රටක් පාලනයක් හෝ දැක්මක් නැත යනුවෙන් ” යැයි අදාළ නිලධාරියා පවසා ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ඉන්දීය සහ ජපාන අගැමතිවරු ආරක්ෂක උපකරණ සහ තාක්ෂණික සහයෝගීතාව, වෙළෙඳාම, සෞඛ්‍යය, ඩිජිටල් හවුල්කාරීත්වය පිළිබඳ අදහස් හුවමාරු කරගත් අතර අර්ධ සන්නායක සහ අනෙකුත් තීරණාත්මක තාක්ෂණයන්හි විශ්වාසදායක සැපයුම් දාමවල වැදගත්කම පිළිබඳව ඵලදායී සාකච්ඡාවක නිරතවී තිබේ.

ඉදිරි වසර පහ තුළ ඉන්දියාව තුළ යෙන් ට්‍රිලියන 5ක ජපන් ආයෝජන සිදු කිරීමට දෙරට පසුගිය වසරේ ඉලක්‌කයක්‌ තබා ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles