Thursday, April 25, 2024

අයාලේ ආ චීන රොකට්ටුවක් නේපාලයට ඉහළින් පුපුරයි

ඔත්තු බැලීමේ චන්ද්‍රිකා අභ්‍යවකාශයට යැවීමට යොදාගත් චීන රොකට්ටුවක සුන්බුන් නේපාල අහසේදී දැවී ගිය බව එක්සත් ජනපද නාවික අධ්‍යයන ආයතනය (USNI) ප්‍රකාශ කරයි.

මෙවැනිම සිදුවීමක් සති කිහිපයකට පෙර එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයෙන් ද වාර්තා වී ඇත.

තාරකා භෞතික විද්‍යාඥ ජොනතන් මැක්ඩෝවෙල් පවසන පරිදි, Chang Zheng 2D ‘Long March’ රොකට්ටුව දින 200කට වැඩි කාලයක් අභ්‍යවකාශයේ ගත කිරීමෙන් පසු යළි වායුගෝලයට ඇතුළු වී නේපාලයේ අහසට ඉහළින් දැවීගොස් තිබේ.

ටොන් හතරක් බරැති මෙම ‘අභ්‍යවකාශ කුණුගොඩ’ චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනයේ Y-65 මෙහෙයුමේ කොටසකි.

එය මධ්‍යම චීනයේ Xichang චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් 2022 ජූලි 29 වන දින දියත් කර ඇත්තේ නිරීක්ෂණ චන්ද්‍රිකා තුනක් කක්ෂගත කිරීම සඳහායි.

මෙම ඔත්තු බැලීමේ චන්ද්‍රිකා දකුණු චීන මුහුදේ නිරීක්ෂණ කටයුතු සඳහා යොදවා ඇත.

චීනයේ අභ්‍යවකාශ සුන්බුන් පාලනයකින් තොරව වායුගෝලයට නැවත ඇතුල් වීමට ඉඩ දීම සම්බන්ධයෙන් පුළුල් ලෙස විවේචනයට ලක්ව තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles